වවුනියාවේ තාණ්ඩික්කුලම ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් හා ගම්වැසියන් පිරිසක් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ...
වවුනියාවේ තාණ්ඩික්කුලම ප්‍රදේශයේදී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් හා ගම්වැසියන් පිරිසක් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ-9 මාර්ගයේ ගමන් කළ යතුරු පැදි කරුවකුට පොලිස් නිලධාරීන් නවතින ලෙස සංඥා කළ අවස්ථාවේදී එම තරුණයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කොට තිබේ.
පොලිස් නිලධාරීන්ද තරුණයා පසුපස යතුරු පැදිවලින් හඹා ගොස් ඇති අතර තරුණයා තාණ්ඩික්කුලම පළාතේ නිවසක් තුළට ගොස් සැගවී තිබේ.
පොලීසිය තරුණයාට නිවසින් එළියට එන ලෙස දන්වා සිටියත් තරුණයා එළියට නො ඒම නිසා පොලීසිය නිවස තුලට ඇතුළු වී එම තරුණයා අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හා ගම්වාසීන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
පසුව පොලීසිය තරුණයා ධාවනය කළ යතුරු පැදිය පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර තරුණයාට අදාල ලිය කියවිලිද රැගෙන පොලීසියට පැමිණ යතුරු පැදිය රැගෙන යන ලෙස දැණුම් දී තිබේ.
තරුණයා පවසා ඇත්තේ තමන් යතුරු පැදිය නොනවත්වා ධාවනය කළේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටි නිසා ඇති වු බිය නිසා බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS