ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේද ආරක්ෂාව තර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේද ආරක්ෂාව තර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.
ඊයේ (22) පෙරවරුවේ ජා ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.
එහිදි පොලිස්පතිතුමා සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පොලිස්පතිවරයාගේද යම් යම් දුර්වලතා තිබෙන බවත් සෑම පුද්ගලයෙකුගේම කුමක් හෝ දුර්වලතාවයක් තිබෙන බවයි.
නමුත් ඔහු යම් වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා දඩුවම් ලබා දිය යුතු බවද මන්ත්‍රිවරයා පැවසීය.
COMMENTS