මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ ලෝකය යන අතට යන නායකයෙක් නොව අර්බුධවලට මුහුණ දෙමින් උඩුගම්බලා පීනන නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්ම...
මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ ලෝකය යන අතට යන නායකයෙක් නොව අර්බුධවලට මුහුණ දෙමින් උඩුගම්බලා පීනන නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ (22) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් පැවැත් වූ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේය.
රුපියල කඩා වැටීම සම්බන්ධයෙන් මහ බැංකුව නිහඬ සිටින බවත් එම නිසා මෙය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
1997 වසරේදී ඉන්දුනීසියාවද මේ ආකාරයෙන් එරට මුදල් ඒකකය කඩාවැටීමේ අර්බුදයකට මුහුණදුන් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව එයට මැදිහත්වී එක් කොන්දේසියක් මත ආර්ථික අර්බුධය විසඳීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ බව ඒ මහතා සිහිපත් කළේය.
ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ප්‍රකාශ කළේ බෙදුම්වාදී අරගලයක සිටි නැගෙනහිර තිමෝරයට වෙන්ව යාමට ඉඩ දෙනවා නම් එය විසඳාදෙන බවත් ඒ අනුව එරට ජනතාව එයට එකඟ වූ බවද ඒ මහතා පැවසීය.
මේ මොහොතේ ශ්‍රී ලංකා ආර්ථික කඩාවැටීමට සලස්වා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කළ හොත් ජාත්‍යන්තර ආධාර ගත හැකි බවට මතයක් නිර්මාණය කර ජනමත විචාරණයකදී ජනතාවගේ කැමැත්තෙන් බෙදා ගන්නට බැරි රට බඩගින්නේ තබා බෙදාගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වන බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
COMMENTS