20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව පෙරේදා (14) ...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව පෙරේදා (14) රාත්‍රියෙහි රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදී අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා නිහඬවම එතැනින් පිටව යන ආකාරය දක්නට ලැබිණි.
මෙම කමිටු රැස්වීම පැවැත්වුණේ එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යවරයා නිවසේදී වන අතර එය අවසන්ව පිටතට පැමිණි විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සහ ප්‍රේම්නාත් සී. දොළවත්ත මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත තම තමන්ගේ අදහස් පළ කළහ.
එහෙත් මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ තිබුණු පුද්ගලයා වශයෙන් මොහොමඩ් අලි සබ්‍රි මහතාගෙන් මාධ්‍යවේදීන් ඒ පිළිබඳ විමසද්දී ඒ මහතා කිසිදු පිළිතුරක් ලබානොදී සිය මෝටර් රථයට නැඟී පිටව ගියේය.
මීට පෙර අවස්ථාවක මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා පවසා තිබුණේ මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නමුත් එය සකස් කළේ තමන් විසින් නොවන බවකි.
-lankanewsweb

COMMENTS