එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය තෙවන වරටත් කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කර තිබේ. නඩුවේ ස...
එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය තෙවන වරටත් කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කර තිබේ.
නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව සඳහන් වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ව්‍යාජ ලියවිල්ලක් ප්‍රසිද්ධ කිරිමෙන් ජාතීන් අතර සුහඳතාව බිද දැමීමට කටයුතු කළ බවට තිස්ස අත්තනායක මහතාට එරෙහිව අදාළ නඩුව විභාග වෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී විය යුතු බැවින් තම සේවාදායකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට හැකියාව නොමැති බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ ලබන වසරේ පෙබරවාරි 26 වන දින දක්වා නඩු විභාගය කල්දැමූ අධිකරණය එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දෙන ලෙස නීතිඥවරුන්ට දැනුම්දි ඇත.
මේ අතර තිස්ස අත්තනායක මහතාට මේ මස 10 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
COMMENTS