ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිල්ලිහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නැවැත්විය. ...
ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිල්ලිහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නැවැත්විය. එහි වායු දුෂණය ඉහළ මට්ටමක පවතින බව දර්ශකවලින් පෙන්වා දී ඇතැයි ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුඛ ආවරණ සහිතව ක්‍රීඩා පිටියේ පන්දු රැකීමේ නිරත වී සිටියේය.
ඉන්දියාවේ නව දිල්ලි නුවර වායු දුෂණය අද (04) දිනයේත් ඉහළ තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වායු ගුණාත්මක දර්ශකය අද උදෑසන වන විට 200 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට නව දිල්ලි නුවර පාසල් කිහිපයක් වායු දුෂණය හේතුවෙන් වසා දමා ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා, ඇස්වල අබාධ හා පපුවේ වේදනා සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල්ගතව ඇති බවත් පෙන්වා දෙයි.
නව දිල්ලි මාර්ගයන්ට පුද්ගලික වාහන ඇතුළු කිරීම තරමක තහනමක් පනවා ඇති බවත් වාහන ධාවනයේදී දුර නොපෙනීම හේතුවෙන් බොහෝ වාහන ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS