දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප‍්‍රහාරය ගැන කියන්න හිටපු ජනපතිට දුරකථනයක් තිබුණේ නැහැ - හිටපු බුද්ධි ප‍්‍රධානියෙකු පාස්කු කොමිසමේදී කියයි
Homeප්‍රවෘත්ති

පාස්කු ප‍්‍රහාරය ගැන කියන්න හිටපු ජනපතිට දුරකථනයක් තිබුණේ නැහැ - හිටපු බුද්ධි ප‍්‍රධානියෙකු පාස්කු කොමිසමේදී කියයි

PropellerAds

පා ස්කු ප‍්‍රහාරයට පෙර දින සහ ප‍්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම්දීමට තමන් උත්සහ කළද...

"අතුරුදන්වූවන්ගේ කාර්යාලය වසා දමන්න" - හිටපු ඇමැති සරත්
සයිටම් සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ඉල්ලයි
නාම යෝජනා භාර දෙන අවසන් දිනයේදී 15,000ක පොලිස් බල ඇණියක්
පාස්කු ප‍්‍රහාරයට පෙර දින සහ ප‍්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම්දීමට තමන් උත්සහ කළද එය ව්‍යර්ථ වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ කියා සිටියා.

ඔහු එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ 16 වන දිනටයි. ඒ වනවිට විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා, දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, එය ද ව්‍යර්ථ වු බවයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පාස්කු කොමිසම හමුවේ සදහන් කළේ.

කොමිසම කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ හඬමින් පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කියා සිටියේ ප‍්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය අවසන්වරට රැුස්වූයේ පෙබරවාරි මාසයේ බවයි.

ප‍්‍රහාරයක් සිදුවන බවට පාස්කු ප‍්‍රහාරයට පෙර දින සහ ප‍්‍රහාරය එල්ල වූ දින නිලන්ත ජයවර්ධනට ලද විදෙස් තොරතුරුකරුගේ බුද්ධි තොරතුර එවක ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේ මන්දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසීමක් කළා. එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ බවයි.

ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා ද දුරකතනයෙන් අමතා තමන්ට ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බව ඔහුට ද දැනුම් දුන් බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා. පසුව ජනාධිපති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා විදෙස් සංචාරයකට එක්ව සිටින බව තමන්ට දැනුම් දුන් බවයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ සදහන් කළේ.

මෙහිදී කොමිසම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් විමසුවේ ජනාධිපතිවරයා විදෙස්ගත වන බව තමන් දැන සිටියේ නැද්ද යන්නයි. හිටපු ජනාධිපතිවරයා විදෙස්ගත වන තෙක් දැන නොසිටි බවත්, ගුවන් තොටුපොළ නිලධාරීන් දැනුවත් කළ පසු ඒ පිිළිබද දැනුවත් වූ බව සාක්ෂිකරු මෙහිදී සදහන් කළා.

මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ ප‍්‍රහාරයට පෙර දින ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා කුමක් ප‍්‍රකාශ කළේද යන්නයි. හිටපු ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයට එක් නොවූයේ මන්දැයි යන්න තමන් ජනාධිපති ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසුවා.

ඔහු එහිදී ඊට එක් නොවූ බව පැවසු අතර හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර දෙන ලෙස තමන් ජනාධිපතිි ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේ.

පසුව ඔහු තමන්ට පැවසුවේ පැජට් පාරේ නිල නිවසේ තිබෙන දුරකතනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකට කතා කිරීමට හැකි බවයි. හිටපු ජනාධිපතිවරයා සතුව ජංගම දුරකතනයක් නොමැති බවද ඔහු මට දැනුම් දුන්නා යනුවෙන් සාක්ෂිකරු කොමිසම හමුවේ ප‍්‍රකාශ කළා.

පසුව කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ ප‍්‍රහාරය පිළිබද තොරතුරු ලබාදෙන්න හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඇමතුමක් ලබා ගත්තේ ද යන්නයි. එහිදී සාක්ෂිකරු සදහන් කළේ තමන් පාස්කු ප‍්‍රහාරයට පෙරදින පස්වරු 06 යි 18 ට පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවසට දුරකතනය ඇමතුමක් ගෙන ජනාධිපතිවරයා සම්බන්ධ කර දෙන ඉල්ලීමක් කළ බවයි.

පසුව එම ඇමතුට පිලිතුරු දුන් අයෙකු තමන්ට සදහන් කළේ ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන ලෙසයි.

එහෙත් පාස්කු ප‍්‍රහාරයට පෙර දින එනම් අපේ‍්‍රල් 20 වෙනිදා තමන්ට කිසිලෙසකින් හෝ ජනාධිපතිතුමාව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සදහන් කළා. අනතුරුව කොමිසම විමසුවේ ඉන් පසු යලි උත්හස නොකළේද යන්නයි. නැතැයි, යන්න සාක්ෂිකරු මෙහිදී සදහන් කළා.

මේ අතර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් ද අද පෙරවරු 10 ට පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීමට පැමිණියා. ඒ අනුව උන්වහන්සේ මේවනවිටත් එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටිනවා.

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් පිළිබඳ තොරතුරු රැසක් පිළිබඳ උන්වහන්සේ මෙහිදී අනාවරණ කිරීමට නියමිතයි. 2017 වසරේදී සහරාන් හෂීම් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අවස්ථා 03 කදී පැමිණි බවයි උන්වහන්සේ සඳහන් කළේ.

-නෙත් නිවුස්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප‍්‍රහාරය ගැන කියන්න හිටපු ජනපතිට දුරකථනයක් තිබුණේ නැහැ - හිටපු බුද්ධි ප‍්‍රධානියෙකු පාස්කු කොමිසමේදී කියයි
පාස්කු ප‍්‍රහාරය ගැන කියන්න හිටපු ජනපතිට දුරකථනයක් තිබුණේ නැහැ - හිටපු බුද්ධි ප‍්‍රධානියෙකු පාස්කු කොමිසමේදී කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDNdecYIXEjSYWvgx1cpb3m_WVAmBeqDZFPF56s8OOefrJE37U2dv5flVm9MfcePQNhp9Cv-mXU6vJnivuf38aSgx9E4iwmSTUt2mWI6iC2Wpc6gE1XH1jgr5HXKhYOk4xbB02W3w0Afg/s320/7e01d6556b73e8da963ab97ec54257aab6df75df.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDNdecYIXEjSYWvgx1cpb3m_WVAmBeqDZFPF56s8OOefrJE37U2dv5flVm9MfcePQNhp9Cv-mXU6vJnivuf38aSgx9E4iwmSTUt2mWI6iC2Wpc6gE1XH1jgr5HXKhYOk4xbB02W3w0Afg/s72-c/7e01d6556b73e8da963ab97ec54257aab6df75df.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy