මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බව මාලබේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය ප...
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බව මාලබේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (18) සංදේශයක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“ජනාධිපතිට සංදේශයක් දුන්නා. සයිටම් අයතනය් ස්ලිට් ආයතනයට දෙන්න හදනවා. නැවත වරක් අපේ දරුවන් අසරණ කරන්න හදනවා. මේ සම්බන්ධයෙන් මීට පෙර ජනාධිපතිතුමා දැනුවත් කර තිබුණා. උසස් අධ්‍යාපන අමත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එකමුතුව අපේ දරුවන් අමාරුවේ දාන්න හදනවා. අපේ දරුවන්ට හොඳම තෝතැන්න කොතලාවල වෛද්‍ය පීඨය. අපේ දරුවන්ව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරන්න. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා. අපේ දරුවෝ දැන් අවුරුදු 07ක් ඉන්නවා. දරුවන් අසරණ කරන්න එපා. සයිටම් ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමත්‍යංශය කරපු වංචාව සම්බන්ධයෙන් අපි වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කළා.”
COMMENTS