පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා බාර දෙන අවසන් දිනය තුළ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 15,000ක් යෙදවීමට සැලසුම් කර තිබේ. පළාත් පාලන ආ...
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා බාර දෙන අවසන් දිනය තුළ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 15,000ක් යෙදවීමට සැලසුම් කර තිබේ.
පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා බාර ගැනීම පෙරේදා (18) ආරම්භ වූ අතර එය ලබන 21 වන දින දහවල් 12.00න් අවසන් වීමට නියමිතය.
ඊයේ දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාම යෝජනා බාර දීම සිදු කරනු ලැබීය.
ප්‍රධාන දේශපාලන පක්ෂ බොහෝමයක් අවසන් දිනය තුළ නාමයෝජනා බාර දීමට නියමිත බැවින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මැතිවරණ කාලසීමාව තුළ පෙළපාලි සහ පෙරහැර ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
COMMENTS