තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට අවශ්‍ය බවත්, ඒ සදහා අවස්ථාව ලබා දෙන ලෙසත්, දැනට මරණ දඩුවම් ලබා රක්ෂිතබන්ධනාගාරගතව සිටින ප්‍ර...
ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් වරයා විසින්, ඒ සම්බන්ධයෙන් තමන්ට උපදෙස් අවශ්‍ය බව අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී ඇති අතර, අධිකරණ අමාත්‍යංශය, අදාල කාරණය සම්බන්ධයේන නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
අධිකරණ අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම සලකා බලා තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව, මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වන අයෙකු එම මන්ත්‍රී ධූරය දැරීම සදහා නුසුදුසු වන අවස්ථා සදහන් වගන්ති උපුටා දක්වමින් අධිකරණ අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, යම් අයෙකු මරණ දඩුවම ලබා තිබේනම්, එය මන්ත්‍රීධූරය දැරීම සදහා නුසුදුසුකමකි.
එමෙන්ම, මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කිසිවෙකුට, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාක කිරීමට නොහැකි ය.
COMMENTS