දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරුට නායකත්වය දෙන්න බැරි කරු එජාප සාමාජිකයෙක් නෙවන නිසාලු - කරුත් පුදුම වෙන රනිල්ගේ තීරණය !
Homeප්‍රවෘත්ති

කරුට නායකත්වය දෙන්න බැරි කරු එජාප සාමාජිකයෙක් නෙවන නිසාලු - කරුත් පුදුම වෙන රනිල්ගේ තීරණය !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් ඊයේ  දිනයේදීද පැවැත්විණි. එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. රනිල් ව...

සනත් නිශාන්ත ලන්සාට කුඩුවෙන්න ගහද්දී ඩලස් ලන්සා බේරගන්න පෙරට එයි! ලන්සා දේශපාලන සොල්දාදුවෙක්ලු
මාෆියා කඩා ඩොලර් 200ක් අඩුවෙන් ගේනවා කියු ලිත්‍රො සභාපති මාෆියාවටත් වඩා වැඩි මිලට ගනී… ඔ්මානය ඉවතට.. ලංකාවේ අයෙකුට ගෑස් ටෙන්ඩරය…
පාස්කු ප‍්‍රහාරයට එරෙහිව අගරදගුරුගෙන් දේශපාලන බෝම්බයක්.. අලුත් ආණ්ඩුවක් ගැන කියයි.. (video)
ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් ඊයේ  දිනයේදීද පැවැත්විණි. එහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදිය යුතු බවට මේ වනවිට එජාප නායකයාට දැඩි බලපෑම් එල්ල වන අතර කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් ද ඊයේ  සාකච්ඡා වී තිබෙනවා.
කරු නායකත්වයට ගෙන ඒමට උත්සාහ දරන පාර්ශ්වයේ අදහස වන්නේ ඔහු පක්ෂය දෙකඩ වෙද්දී ස්වාධීනව කටයුතු කළ නිසා මේ වනවිට පක්ෂයෙන් ඈත් වී සිටින පාක්ෂිකයා නැවත පක්ෂය වෙත ඒකර‍ාශී කර ගැනීම සඳහා සුදුසුම පුද්ගලයා ඔහු බවයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඒ සඳහා දැඩි විරෝධය එල්ල වී තිබේ. එජාප නායකයා වෙනුවෙන් අදහස් දක්වා ඇති එජාප නීති අංශයේ ප්‍රධානී නිශ්ශංක නානායක්කාර මහතා පවසා තිබෙන්නේ කරු ජයසූරිය මහතා පක්ෂයේ සාමාජිකයෙකු නොවන බැවින් ඔහුට නායකත්වය දැරීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.

මෙම අදහස ඇසූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙන අතර කරු පක්ෂ සාමජිකයෙකු නොවන්‍නේ‍ කුමන හේතුවක් මතදැයි විමසා තිබෙනවා. එහෙත් ඒ සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නොමැත.

මේ පිළිබඳව කරු ජයසූරිය මහතාට සැළවීමෙන් පසු ඔහු පුදුමයට පත්ව තිබෙනවා. ජයසූරිය මහතා අප වෙත ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ පසුගිය මහ මැතිවරණයේදී පක්ෂය දෙකඩ වීම හේතුවෙන් තමන් මැතිවරණයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ නමුත් එජාප සාමාජිකත්වයෙන් ඉවත් වී නොමැති බවයි.

එජාපය දෙකඩවීමෙන් පසු පාර්ශ්ව දෙකම නියෝජනය කළේ එජාපයේ සිටි පාක්ෂිකයන් බැවින් සැබෑ එජාප පාක්ෂිකයෙකු ලෙස තමා කිසිදු පාර්ශ්වයකට සහයෝගය ලබා නොදී ස්වාධීනව සිටීමට තීරණය කළ බවත්, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ කිසිවෙකුට තමා සහයෝගය නොදැක්වූ බවත් ජයසූරිය මහතා පවසනවා.

අවසන් මොහොත දක්වා සියලු දෙනා සමගි කිරීමට උත්සාහ දැරූ තමන්ට අවසා‍නයේ පක්ෂ සාමාජිකත්වයද අහිමි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අද (26) දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ද ජයූරිය මහතා පවසනවා.

-Lanka News web


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරුට නායකත්වය දෙන්න බැරි කරු එජාප සාමාජිකයෙක් නෙවන නිසාලු - කරුත් පුදුම වෙන රනිල්ගේ තීරණය !
කරුට නායකත්වය දෙන්න බැරි කරු එජාප සාමාජිකයෙක් නෙවන නිසාලු - කරුත් පුදුම වෙන රනිල්ගේ තීරණය !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggG3JZ8imzh1JO50B6HUK36J4SiMHnwmlcFPWWYmubWVloacKeDpV6Mn2mYTQA25ZX7E_zt2nKzr9EGqRiA00seo2ITKKPS1LUxNSawisbl2k9SpHS4dfhoEVNMkO5apnLsVxV3gqscQE/s320/image_b3e93faf07.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggG3JZ8imzh1JO50B6HUK36J4SiMHnwmlcFPWWYmubWVloacKeDpV6Mn2mYTQA25ZX7E_zt2nKzr9EGqRiA00seo2ITKKPS1LUxNSawisbl2k9SpHS4dfhoEVNMkO5apnLsVxV3gqscQE/s72-c/image_b3e93faf07.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy