අ පේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (09දා) යොමු කර ඇත. රාජග...
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (09දා) යොමු කර ඇත. රාජගිරිය සඳහම් සෙවණේ පෙරේදා (08දා) රාත්‍රි පැවැති සාකච්ඡාවක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනා කර ඇත.
එහෙත් අවසානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
එහෙත් අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය දෙණියවල විමලතිස්ස හිමියන් මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැත. උන්වහන්සේ ගැන තොරතුරක් නැතැයි අපේ ජන බල පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියේ ද මහ ලේකම් හිමියන් අත්සන් කර නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂයේ නායකත්වයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කිරීමට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
පක්ෂ නායකත්වය නම් කරන පුද්ගලයකු හෝ භික්ෂුන් වහන්සේ නමක් පක්ෂයේ මහ ලේකම් ධුරයට නම් කිරීමට ද සැලැසුම් කර තිබේ.
උදයජීව ඒකනායක

COMMENTS