කොවිඩ් -19 ආසාදිත කාන්තාවක් මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ මහතා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත...
මේ අනුව මෙරටින් වාර්තා වූ 12 වැනි කොවිඩ් මරණය මෙය වන අතර පසුගිය 20 වැනිදා ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
ඇය පිළිකා රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවද වාර්තා වන අතර අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් තිබේ.
මේ අතර ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හමු වී තිබේ.
ඔවුන් සියළු දෙනා විදේශයන්ගෙන් පැමිණ මෙරට නිරෝධායනයට යොමු කර සිටි අයයි.
ඔවුන්ද සමගින් මෙරට කොරෝනා අසාදිත ප‍්‍රමාණය 2947 දක්වා ඉහල ගොස් ඇත.
දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 138කි.
මේ අතර හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසන්නේ දැනට මෙරට නිරෝධායන මධ්‍යස්තානවල 7000 ඉක්මවූ පිරිසක් රදවාගෙන සිටින බවයි.
COMMENTS