ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට අමාත්‍ය මංගල සමරවීර සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආගමික නායකයින් මෙන්ම දේශපාලඥයින් ද තවදුරටත් විවිධ...
ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට අමාත්‍ය මංගල සමරවීර සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආගමික නායකයින් මෙන්ම දේශපාලඥයින් ද තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. කෙසේවෙතත් ආගමික නායකයින් මෙන්ම දේශපාලඥයින් අවධාරණය කරන්නේ රට පත්ව ඇති තත්ත්වය හමුවේ එවැනි ප‍්‍රකාශ සිදු කිරීම කිසිසේත්ම යෝග්‍ය නොවන බවයි.
බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් ද සඳහන් කළේ "ජාතීන් අතර යම් ගැටුමක් නිර්මාණය කිරීම ඔහුගේ ප්‍රකාශ අතර තියෙනවාද යන සැකය මේ අවස්ථාවේදී අපිට මතුවෙනවා." යනුවෙනි.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී "මේ රටේ බුද්ධාගම පැතිරිලා තියෙන එක අපිට තර්ජනයක් නෙමෙයි. ඒක අපිට ආශිර්වාදයක් කියලා හිතුවොත් හොඳයි. දේශපාලනය සමග ආගම කලවම් කර ගැනීම මම හිතන්නෙ ඉතාම මෝඩ වැඩක්." යනුවෙන් සඳහන් කළා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ නිසා සිංහල ජනතාව විවිධ සිදුවීම්වලට පැටලෙන බවයි කියා සිටියේ. ඒ නිසා සිදුකරන ප්‍රකාශ ගැන වඩාත් සැළකිලිමත් වියයුතු බවද සඳහන් කළා.
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ද ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවක දී අමාත්‍යවරයෙකු ‘‘ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට’’ ප‍්‍රකාශයක් සිදු කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි.

COMMENTS