දි වයිනේ ඇතැම් ස්ථානවල මතුව තිබෙන කළහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙබ් අඩවි ත්‍රස්ථවාදය පාලනය කළ යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. ...
දිවයිනේ ඇතැම් ස්ථානවල මතුව තිබෙන කළහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වෙබ් අඩවි ත්‍රස්ථවාදය පාලනය කළ යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
අවිස්සාවේල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ත්‍රස්ථවාදීන්ට ඕන ඕන විදියට රට පවත්වා ගෙන යෑමට ඉඩ දිය නොහැකි බව ද පැවසු මනෝ ගනේෂන් මහතා, මෙය රටේ ප්‍රශ්නයක් බවත් කොළ, රතු හෝ නිල් ප්‍රශ්නයක් නොවන බව ද පැවසීය.
එනිසා සමාජ ජාලාවල වැරදි තොරතුරු ලබා දී මිනිස්සුන්ට බැන වැදෙමින් පාසල් හා සියලු අංශයන් විනාශ කිරීමට ඉඩ තැබිය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දා හලාවත නගරයේ ඇති වු ප්‍රශ්නයට හේතු වන්නේ ද මෙම සමාජ ජාලා බව පැවසු මනෝ ගනේෂන් මහතා වෙබ් අඩවි ත්‍රස්ථවාදීන් කට පරිස්සම් කර ගෙන සිටීමට සිතා ගත යුතු බව ද කියා සිටියේය.
ත්‍රස්ථවාදය අවුස්සමින් අන්තවාදය අවුස්සමින් රට විනාශ කිරීමට කටයුතු නොකර රට ගොඩ නැඟීමට එකතු වෙමු යනුවෙන් ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS