පා ස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් යන අයට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පි...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් යන අයට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප නියමවූ සැකකරුවන් 09 දෙනාට ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂමට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා.
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එම පැමිණිල්ල අධිකරණ සේවා කොමිෂන් සේවා සභාව හමුවේ ගොනු කර ඇති අතර මෙම සැකකරුවන් 09 දෙනාට අධිකරණයේදී ඇප ලබා දුන්නේ පොලිසිය විසින් වාචිකව සහ ලිඛිතව සිදුකරනු ලැබූ විරෝධතා නොසලකා හරිමින් බවට සදහන් කරමින්ය.
මෙම නඩුව විභාග කරනු ලැබූ කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා විසින් පොලිසිය විසින් ගොනුකර තිබු ලිඛිත සහ වාචික විරෝධතාවයන් නොසලකා එම සැකකරුවන් 09 දෙනාට ඇප නියම කිරීමේ සිද්ධිය හේතුවෙන් තමන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට කරුණු දක්වා තිබෙනවා.
දැනට ඇප මත නිදහස්ව සිටින සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැනුවත් භාවයෙන් සිටිය බවට දැක්වෙන කරුණු ද අධිකරණය හමුවේ දක්වා සිටියදී මෙලෙස ඇප ලබාදීමේ සිදුව ඇති බවත් ඒ හේතුවෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙස වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා ඇති බව සදහන්.

COMMENTS