ය හපාලන සංකල්පය ශ්‍රී ලංකාවට උචිත වන නමුත් එය හඳුන්වා දුන් වේගය ඉක්මන් වැඩි යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි...
යහපාලන සංකල්පය ශ්‍රී ලංකාවට උචිත වන නමුත් එය හඳුන්වා දුන් වේගය ඉක්මන් වැඩි යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට සම්බන්ධ නිලධාරීන් හා බලධාරීන් අදාළ ආයතනවල ඉහළ තනතුරු දරමින් සිටීම නිසා යහපාලනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බාධාවක් වූ බවයි ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ.
තෙල්දෙණිය මහජන ක්‍රීඩාංගනයේදී පැවති ජනහමුවකට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය.
රටේ අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් දැමීමට හැකි සංකල්පයක් වශයෙන් යහපාලනය හඳුන්වා දුන් බව කී සරත් ෆොන්සේකා මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ලෝකය තුළ ඉදිරියට යාමට නම් ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතුයි. ලෝකයේ හුදෙකලා වී තිබුණු ශ්‍රී ලංකාවට සම්භාවනාවක් හිමිවුණේ යහපාලන සංකල්පය ක්‍රියාත්මක කළ නිසයි. යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකාවේ පොලීසිය ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණා. පෙර පාලන සමයේදී නම් මෙවැනි රැස්වීමක් තිබියදී පොලිස් නිලධාරීන් එහි පැමිණෙන සියලුම දේශපාලනඥයන්ට ආචාර කළ යුතුයි. නමුත් දැන් එසේ නෑ. ඔවුන් සිටින්නේ අපට පිටුපස හරවායි. පොලිසිය අද ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙනවා. අතීතයේ දේශපාලඥයන් නිරන්තරයෙන්ම පොලීසියට බලපෑම් කළා විතරක් නෙවෙයි ඇතැම් දේශපාලනඥයින් ස්ථානාධිපතිවරයාගේ පුටුවට ගොස් දෙපා මේසය මත තබා සිටි අවස්ථා පවා වාර්තා වුණා.
අද රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි. නමුත් එදා එහෙම නැහැ. මම සිරගත කර සිටියදී නිරන්තරයෙන්ම බන්ධනාගාරයේ සිට අධිකරණයට පැමිණියා. අපි අධිකරණයට හිස නමා ඇතුළට පැමිණි පසු මහෙස්ත්‍රාත්වරයා අධිකරණයට පැමිණෙනවා. මහේස්ත්‍රාත්වරයා හැර සෙසු සියලු දෙනා පැමිණෙන්නේ එක් පොදු දොරකින්. මට විරුද්ධව සාක්ෂි ලබා දෙන ප්‍රතිවිරුද්ධ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එන්නේ මහේෂ්වරන් මහෙස්ත්‍රාත්වරයා අධිකරණයට පැමිණි පසු මහෙස්ත්‍රාත්වරයා පැමිණෙන දොරෙන්. ඔහු අධිකරණයට හිස නමා පැමිණීම වෙනුවට මහෙස්ත්‍රාත්වරයා ඇඹරි ඇඹරි ඔහුට හිස නවන ආකාරය මම දැක්කා. නමුත් අද අධිකරණ පද්ධතියේ තිබෙන්නේ එවැනි තත්වයක් නෙවෙයි.
සාමාන්‍යයෙන් රටක නීතිපතිවරයා පැමිණෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මහාධිකරණයට පැමිණෙන විට නීතිපතිවරයා එහි පැමිණ පුටුව සකස් කොට වතුර ලබා දෙනවත් මම දැකලා තිබෙනවා. එසේ තිබුණු අධිකරණ පද්ධතිය අධිකරණ කොමිෂන් සභාව හරහා වෙනස් කිරීමට අපට හැකියාව ලැබුණා.
එවැනි පාලනයක් ක්‍රියාත්මක කළ රාජපක්ෂ පාලනය වර්ෂ 2015 දී පළවා හැරි නමුත් යළිත් ඔවුන් බල ලෝභීත්වයෙන් සිටින බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නුවර නදීක දයා බණ්ඩාර

COMMENTS