ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් පරාසයක බරපතල විවේචන එල්ල කර තිබ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පුළුල් පරාසයක බරපතල විවේචන එල්ල කර තිබේ. ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් සැප්තැම්බර් 26 වෙනි දින පුවත්පතේ පල කර ඇත. එම සම්මුඛ සාකච්ඡාවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය එල්ලකර තිබෙන විවේචන එකින් එක පහත දැක්වේ.
“මම දේශපාලනයට ආවේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. මගේ දරුවව තානාපති කාර්යාලයකට යවාගන්නවත් එහෙමත් නැත්නම් මගේ සහෝදරයෙක්ට උදව් කරන්නවත් එහෙම බලාපොරොත්තු මම ලඟ නැහැ. මගේ පවුලේ කිසි කෙනෙකුට ආණ්ඩුව තනතුරු අරන්දීලා නැහැ.”
“මගේ ආසනයේ එක මනුස්සයෙක්ට රස්සාවක් ගන්න බැහැ. මම බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක හැටියට අවුරුදු 12ක් ඉන්නවා.”
මෙම චෝදනා ඉදිරිපත් කරන්නේ කාටදැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීරිය පවසන්නේ “වැදෙන තැනකට වැදෙද්දෙන් කියලා මේ දිස්ත්‍රික් නායක කතන්දරේ මුළු රටේම දේශපාලනයේ තියෙන වැරැද්දක්. දිස්ත්‍රික් නායකයා තමයි රස්සාවල් ටික දෙන්නේ.”
“බොහොම අමාරුවෙන් තමයි මේ ආසනයට යමක් ලබාගන්නේ. හොරවල පාලම ඉල්ලලා දැන් ගොඩක් කල්. මේ ආසනයේ මිනිස්සුන්ට වතුර ඉල්ලලත් දැන් හුඟක් කල්.”
“දැන් ඉන්න ඇමතිවරුත් ඉන්නේ කාන්තාරයේ ඔටුවෝ වගේ වැස්සත් හෙන ගැහුවත් කාන්තාරෙට දැම්මට පස්සේ ඔටුවා යන්න එපැයි. මේ දේශපාලනයෙන් අයින් වුනාට පස්සේ මට කියන්න ලොකු කතාවක් තියෙනවා.”
“මට ස්විස්ටර්ලන්තේ පිරිසිදු පුරවැසිභාවය තිබුණා. ඒකත් තියාගෙන ජාතික ලයිස්තුවෙන් මාව පාර්ලිමේන්තුවට දාල දෙන්න කියලා ඉල්ලුවානම් මටත් හොඳට ඉන්න තිබුනා.”
“ඇමති මණ්ඩලයේ ඉන්න අය විද්‍යාත්මකව පත්කරලා කියලා කිව්වට එහෙමද කරලා තියෙන්නේ?”
“මිත්‍යාවයි විද්‍යාවයි පටවගන්නේ නැතුව කටයුතු කළානම් මීට කලින්ම අපිට මෙතෙනට පත්වෙන්න තිබුණා”
“අපිට ඒ කීර්ති නාමය නැතිකරගන්න එක කොයිතරම් භයානකද. ඒ කීර්තිනාමය මට ආපහු දෙන්න ආණ්ඩුවට පුළුවන්ද?”
“ප්‍රාදේශීය දේශපාලනයට ගේන්න ඕනා සල්ලි හම්බකරන්න බලන් එන හිඟන්නො නෙවෙයි.”
“මේ දේශපාලනයෙන් මගේ කාලය කාගත්ත එක ගැන මට කනගාටුවක් ඇති වෙන්නේ. පාර්ලිමේන්තුවෙත් මාව දාල තියෙන්නේ පසුම පෙලට.”
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කළේ නැද්දැයි මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ “මම එතුමට කිව්වාම එතුම කියනවා බැසිල් රාජපක්ෂට කියන්න කියලා. මම ගියේ නැහැ එතුමව හම්බවෙන්න. අරයගෙන් අහන්න මෙයාගෙන අහන්න කියලා බෝලෙ පාස්කරනවා. දැන් ඒගොල්ලන්ට මතක නැහැ.”
“ආණ්ඩුවේ වැඩත් හරියට ඉස්සර තිබුණු සතිපතා විකාශණය වූ ටෙලිනාට්‍ය වගෙයි. අලුත් අලුත් දේවල් එනවා. එක්කෙනෙක් හිරගෙදරට ගියා කියලා කතාවක් එනවා. තව කෙනෙක් යට ඇඳුම් ගැන කතාකරන කතා එනවා. මුට්ටි දාන කතා එනවා. ඊලඟට බාර් අරින කතා එනවා. පසුගිය කාලයේම මාසෙකට මොකක්හරි එක කතාවක් ආවා. මේවා දාලා ටෙලිනාට්‍යයක් කළානම් මාසික ප්‍රසංගයක් විදිහට පෙන්වන්න පුළුවන්.”
“දැන් විද්‍යාත්මක පදනම මත ඇමතිකම් දීපු අය කතාකරන්නෙත් නැහැ.”
COMMENTS