දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුරුණෑගල නගරාධිපති වැරදිනම් ඔහුගේ මයිලකට නෙවෙයි පංචස්කන්දයටම නීතිය ක්‍රියාත්මක කරනවා.. අප එය සහතික කරනවා - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

කුරුණෑගල නගරාධිපති වැරදිනම් ඔහුගේ මයිලකට නෙවෙයි පංචස්කන්දයටම නීතිය ක්‍රියාත්මක කරනවා.. අප එය සහතික කරනවා - ගම්මන්පිල

PropellerAds

කො ළඹ පැවති ‍මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල ක...

දියතලාව හමුදා කඳවුරේ පිපිරීමක්! සෙබලු 3 ක් රෝහලේ
පෞද්ගලික බස් වර්ජනය අවලංගුයි
බස් ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව රාජිත කියයි
කොළඹ පැවති ‍මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මේ වන විටත් අප රට හමුවේ යෝජනාවලියක් තබා තිබෙනවා රාජ්‍ය සේවයේ කම්කරුවාගේ සිට ලේකම්වරයා දක්වා සිටින සියලුම අයගේ උසස්වීම් තීරණය කරද්දි වැටුප් තීරණය කරද්දි ඔවුන්ගේ කාර්ය සාධනය මනිනවා නම් ඇයි ඇමතිවරුන්ගේ කාර්ය සාධනය මනින්නෙ නැත්තේ.
දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා නමුත් ජනතාව දන්නේ නෑ කවුද වැඩ කරපු ඇමතිවරු කවුද වැඩ නොකරපු ඇමතිවරු කියලා. මොකද ඇමතිවරුන් කළ වැඩ පිළිබඳ මැන බැලීමේ මනෝමූලික වැඩපිළිවෙළක් මේ දක්වා ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා අපි යෝජනා කරනවා කාර්ය සාධකය මැනීම සඳහා දර්ශකයක් ඉදිරිපත් කරන්න.

ඒ අනුව තෝරා ගත් නිර්ණායක මත නිසි බර තැබීමක් කර දර්ශකයක් සකසා මාස හයකට වරක් ප්‍රසිද්ධ කිරීම කළ යුතු වේ.

අවශ්‍යතාවය

1.රාජ්‍ය සේවයේ සිටින ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා සෑම තනතුරකම කාර්යසාධනය මනිනු ලැබේ. නමුත් රාජ්‍ය සේවයේ ඉහළම පිරිස වන ඇමතිවරුන්ගේ පමණක් කාර්යසාධනය මැනීමේ ක්‍රමවේදයක් මෙතෙක් සකසා නොතිබීම.
2.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාගේ නිර්දේශය මත ජනාධිපති විසින් ඇමතිවරු පත් කළ යුතුය. එබැවින් ඇමතිවරුන්ගේ හැකියාවන් සහ නොහැකියාවන් පිළිබඳ ජනාධිපතිට සහ අගමැතිට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.
3.ඇමතිවරුන්ට තම විෂය පථය පිළිබඳ අවබෝධයක් ලැබීමටත් සිය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමටත් පීඩනයක් ඇති වීම.
4.ඇමතිවරුන්ට තමන් දුර්වල ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ඇතිවීම
5.දුර්වල ඇමතිවරුන් ඉවත් කිරීමටත් දක්ෂ ඇමතිවරුන් වැඩි වගකීම් පැවරීමටත් තාර්කික පදනමක් ලැබීම

කාර්ය සාධනය මැනීමේ නිර්ණායක

1.අමාත්‍යාංශයට වාර්ෂිකව වෙන් කරන ප්‍රාග්ධන ප්‍රතිපාදන වියදම් කිරීම් කාර්යක්ෂමතාව.
2.අමාත්‍යාංශයට වාර්්ෂිකව වෙන් කරන පුනරාර්වතන ප්‍රතිපාදන වියදම් කිරීම් කාර්යක්ෂමතාව.
3.පාර්ලිමේන්තු පැමිණීම.
4.පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වන වාචික ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම.
5.පාර්ලිමේන්තුවේ තම විෂය පථයට අදාළ විවාදයන්ට සහභාගි වීම.
6.අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පැවැත්වීම.
7.සමාජ අවශ්‍යතා මත අවශ්‍ය පනත් සහ රෙගුලාසි ඉදිරිපත් කිරීම.
8.විගණන විමසුම් සඳහා නොපමාව පිලිතුරු සැපයීම.
9.සේවක පුරප්පාඩු නොපමාව පිරවීම.
10.කාර්මික ආරවුල් නිරවුම්කරණය.
11.මහජන දින පැවැත්වීම.
12.මහජන පැමිණිලි වලට කඩිනමින් පිලිතුරු සැපයීම.
13.තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින තොරතුරු නොපමාව සැපයීම.
14.සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්ම කිරීමේ ප්‍රගතිය.
15.ක්ෂේත්‍රයේ පවතින ගැටළු වලට නිර්මාණශිලී නව විසඳුම් ඉදිරිපත් කිරීම.

දර්ශකය සැකසීම් ක්‍රමවේදය

1.දර්ශකය සැකසීම සඳහා පරිපාලන නිලධාරින්, සැලසුම් නිලධාරින්, සංඛ්‍යාලේඛණ විද්‍යාඥයින්ගෙන් සහ විශ්‍රාමික ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම.
2.යෝජිත නිර්ණායක අතුරෙන් දර්ශකය සැකසීමට යොදා ගන්නා නිර්ණායක තෝරා ගැනීම.
3.වැදගත්කම අනුව නිර්ණායක මත බර තැබීම.
4.අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා සෑම අමාත්‍යාශයකටම පසුවිපරම් නිලධාරියෙකු පත් කිරීම.
5.ඒ ඒ ඇමතිවරයාට ලැබුණු ලකුණු පිළිබඳ සිය නිරීක්ෂණ ලබා දීමට ඇමතිවරයාට ලද ලකුණු සහ ලකුණු ලබා දුන් ක්‍රමවේදය යැවීම.
6.මාස හයකට වරක් දර්ශකය ප්‍රසිද්ධ කිරීම

දර්ශකයේ බලපෑම

යම් ඇමතිවරයෙකු අඛණ්ඩව තුන් වරක් දර්ශකයේ අවසන් ස්ථානයට පැමිණ ඇත්නම් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. නැතිනම් ජනාධිපති විසින් අස් කළ යුතුය.

ජාතික පසුවිපරම් සභාව

ඒ වගේම අපි තවත් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ජාතික පසුවිපරම් සභාව.

දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශනයන්හි අඩංගු වන ප්‍රතිපත්ති, වැඩසටහන් සහ පොරොන්දු බලය ලැබීමෙන් පසු අමතක කරන බව ඉතිහාසය පුරා නැගෙන චෝදනාවකි. බොහෝ විට එකී ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ මැතිවරණයෙන් පසු කතා කරන්නේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂයයි.

ජනාධිපති විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියළුම ප්‍රතිපත්ති සහ වැඩසටහන් අමාත්‍යාංශ අතර බෙදා දීමත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමත් ජාතික පසුවිපරම් සභාවේ වගකීමයි. එකී කරුණු නිසි කාල රාමුවක් තුල ඉලක්ක ගත කර එකී ඉලක්ක අමාත්‍යාංශ විසින් ලඟා කර ගන්නේ දැයි අධීක්ෂණය කිරීමත් එකී ඉලක්ක ලඟා කර ගැනීමට අපොහොසත් වන අමාත්‍යාංශ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සැපයිමත් මෙකී සභාවේ කාර්යභාරය අතර වේ.

එහි සභාපති ජනාධිපති වන අතර උප සභාපති අගමැති වේ. ඊට අමතරව වෘත්තීයවේදින්, විද්වතුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ආණ්ඩුවේ නිලධාරින්ගෙන් සමන්විත වේ. සෑම අමාත්‍යාංශයකම විෂය පථයට අදාළ විශේෂඥවරයෙකු සභාවේ කාර්ය මණ්ඩලයේ සිටිය යුතුවේ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ ඇති ආයතනයක නිලධාරින් කැඳවන විට ජනපතිට සහයවීමත් එකී අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තා සමාලෝචනය කිරීමත් එකී විශේඥවරයාගේ ප්‍රධාන රාජකාරි වේ.

ජනාධිපති හෝ අගමැතිගේ ප්‍රධානත්වයෙන් සෑම මාස මාස හයකටම වරක් ජාතික පසුවිපරම් සභාව විසින් සෑම අමාත්‍යාංශයකම ප්‍රගතිය සමාලෝචනය කරමින් ප්‍රගති වර්ධනය සඳහ අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබේ. ඒ වගේම අප බලාපොරොත්තු වෙනවා මේ ජාතික පසුවිපරම් සභාව විසින් ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාග්‍ය දැක්ම වසර 5 කට බෙදලා අමාත්‍යාංශ අතර බෙදා දීමෙන් පස්සේ එක එක අමාත්‍යාංශයේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අඩංගු වාර්ෂික ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්න. දැනට ලෝකයේ අමාත්‍ය වරුන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව මනෝමූලික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නෑ. ලෝකයේ ප්‍රථම වතාවට ඇමතිවරු සහ අමාත්‍යාංශ වල කටයුතු මනෝ මූලිකව මැන ගැනීමෙ නිර්ණායකයක් ඉදිරිපත් කළ පළමු රාජ්‍යය බවට ලංකාව පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රශ්නය – එකම සංධානයකින් තරග කරන අපේක්ෂකයන් අතරත් යම් යම් ප්‍රශ්න ඇති වෙනවා නේද? ඔබතුමා එක කොහොමද දකින්නේ ?

පිළිතුර – නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් මේ මැතිවරණ ක්‍රමය යටතේ එකම දිස්ත්‍රික්කයකින් ඡන්දය ඉල්ලුවොත් එකම පක්ෂයකින්, මැතිවරණයේ අවසන් වෙද්දී ඔවුන් දෙන්නා ජම්මාන්තර වෛරක්කාරයන් වෙලා තමයි කෙළවර වෙන්නේ. ඒ නිසා මේ මනාප සහිත සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතුයි කියන එක පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා පිළිගන්නා කාරණයක් . නමුත් අවාසනාවට මේ පිළිබඳ ඉදිරිපත් කළ වාර්තා මෙතෙක් ක්‍රිරියාත්මක වී නැහැ. පසුගිය ආණ්ඩුව මෙම යෝජනා ක්‍රියාත්මක කරන්න යන අතරේ පෙඩරල් විෂ ගුලියත් එය තුලටය යොදපු නිසා තමයි අපට එයට සහාය දීමට නොහැකි උනේ. ඒ නිසා සමානුපාතික ක්‍රමය වෙනුවට කොට්ඨාශ ක්‍රමය ගෙන එනවා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා කියන එක අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය – කුරුණෑගල පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රකාශ කරනවා නගරාධිපතිතුමාගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා. ඔබතුමා මොකද හිතන්නේ ?

පිළිතුර – අපිට අදාළ නැහැ කවුද කරේ කියන එක. අපිට අදාල මොකක්ද කරේ කියන එක විතරයි. පුරාවස්තු විනාශයක් කවුරුන් හෝ කර තිබේ නම් ඔහු මේ රටේ කුමන තනතුරක් දැරුවත් වැරදි දේ වැරදි. වරදක් කලානම් එය නගරාධිපති නෙවෙයි අගමැති කලත් වැරදිනම් වැරදියි. ඒ සම්බන්ධව සෙවීමට අගමැතිතුමා කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව තවත් දින දෙකකින් එළිදැක්වීමට නියමිතයි. නගරාධිපතිවරයා වරදක් කර තිබේනම් තරාතිරම නොබලා ඔහුට ඉහලම දඬුවම ලබා දීම වෙනුවෙන් අප පෙනී සිටිනවා. නගරාධිපති වරදක් කර ඇත්නම් ඔහුගේ මයිලකට නෙවෙයි ශරීරයටම නීතිය ක්‍රියාත්මක වන බවට අප වගබලා ගන්නවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුරුණෑගල නගරාධිපති වැරදිනම් ඔහුගේ මයිලකට නෙවෙයි පංචස්කන්දයටම නීතිය ක්‍රියාත්මක කරනවා.. අප එය සහතික කරනවා - ගම්මන්පිල
කුරුණෑගල නගරාධිපති වැරදිනම් ඔහුගේ මයිලකට නෙවෙයි පංචස්කන්දයටම නීතිය ක්‍රියාත්මක කරනවා.. අප එය සහතික කරනවා - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6oMUcBePVor7kMWaPFPf2ActlAXIlCKuDoBYXSiOoZ8o0mc0o_Af5I0LxSmxQr31ytwEDSGBGeG_wt8tW8gLVvgQuAhm_Qk8UY9Wud4LSGlWgeUcdVqwBzl_e8WaSFJtrT5VobjDV-iw/s320/gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6oMUcBePVor7kMWaPFPf2ActlAXIlCKuDoBYXSiOoZ8o0mc0o_Af5I0LxSmxQr31ytwEDSGBGeG_wt8tW8gLVvgQuAhm_Qk8UY9Wud4LSGlWgeUcdVqwBzl_e8WaSFJtrT5VobjDV-iw/s72-c/gammanpila.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_851.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_851.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy