දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
HUTCH තඹ වංචාවක | දේශීය තඹ කර්මාන්තකරුවන්ට මරු පහරක් දෙයි
Homeප්‍රවෘත්ති

HUTCH තඹ වංචාවක | දේශීය තඹ කර්මාන්තකරුවන්ට මරු පහරක් දෙයි

PropellerAds

හචින්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම - හච් (Hutchison Telecommunications Lanka (Pvt) Ltd.- HUTCH) විසින් සිදුකරන ලද තඹ ජාවාරමක් සම...

බොරුව අතේ පත්තු වුනා ද?… අන්තර්ජාලය හිර කරන්න ජනපති කියු බවට ලිපියක් දුරකථන සමාගම්වලට ඇවිත්!
විරෝධය පල දරයි! ආණ්ඩුව දණ ගහයි! නැවත දැනුම් දෙන තෙක් පැනවූවා කියූ ඇඳිරි නීතිය පොලිස්පති අද උදේ 8ට අයින් කර ගනී!
බහුතරය සම්පූර්ණයි... රනිල් ඉවතට... ජනපති නොතකා නව අමැතිවරයෙක් සමග නව ආණ්ඩුවක්!
හචින්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම - හච් (Hutchison Telecommunications Lanka (Pvt) Ltd.- HUTCH) විසින් සිදුකරන ලද තඹ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තඔ හා පිත්තල අපනයනය කිරීම නීති මගින් තහනම් කර තිබියදී, එවැනි තඹ වයර් තොගයක් අපනයනය කිරීම සඳහා හච් හි එඩේරමුල්ලේ පිහිටි ගුදමකින් ලොරි රථ දෙකකට පටවමින් තිබයදී පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් පසුව ලොරි රථ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සිද්ධියෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

BOI ව්‍යාපෘති හෙවත්, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘති සඳහා එම සමාගම් ගෙන්වනු ලබන අබලි ද්‍රව්‍ය යළිත් තම රටතුළට ගෙනයාමේ අවසරක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති අතර හච් හි නිලධාරීන් එවැනි සමාගමක් යොදා ගනිමින් මේ ඡාවාරම සිදුකර ඇති බව පැවසේ.

කෙසේවුවද, අබලි ද්‍රව්‍ය අපනයනය කිරීමට කටයුතු කිරීමට පෙර ඒවා මිලදී ගැනීමට දේශීය ගැනුම් කරුවකු සිටින්නේද යන්න පරික්ෂා කර බැලීම නීත්‍යානුකූල තත්ත්වයක් වුවද, මෙහිදී හච් ආයතනය ඒ කිසිවක් සිදුකර නොමැති බව මූලික පරීක්ෂණවලින් හෙළිව ඇති බව පැවසේ.

මෙහිදී විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන ආයතනය ලොරි රථ අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් මධ්‍යම පරිසර අධිකාරියේ ලිපියක් පෙන්වමින් නොමඟ යවා ඇති අතර, සිද්ධිය සැලවීමෙන් පසුව මධ්‍යම පරිසර අධිකාරිය විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන ආයතනයේ බලපත්‍රය අවලංගු කර ඇති බවද වාර්තා වේ.

රජය විසින් තඔ හා පිත්තල අපනයනය තහනම් කර ඇත්තේ ඒවා භාවිතා කර විවිධ කර්මාන්තවල යෙදෙන කුඩා කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහාය.

තඹ හා පිත්තල කුඩා කර්මාන්තකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ විදේශීය වෙළඳ පොළට විකිණීම සිදුකරනු ලබයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අප හච් ආයතනයේ කළමනාකරු - සැපයුම් දාමය හා සැපයුම් කළමනාකරණ (Supply Chain And Logistics) ධමිත පෝරගේ මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

ඔහුට ඇමතුමක් ලබාදෙන ලෙස එම ආයතනයේ දුරකථන කළමනාකරු වෙත පණිවුඩයක්ද තැබුවද මෙතෙක් ඒ සඳහා පිළිතුරු නොලැබිණි.
-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: HUTCH තඹ වංචාවක | දේශීය තඹ කර්මාන්තකරුවන්ට මරු පහරක් දෙයි
HUTCH තඹ වංචාවක | දේශීය තඹ කර්මාන්තකරුවන්ට මරු පහරක් දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUSrXCRbih6ChL2ITp8jnhoaPJ_mbIdeMiDPkeCPxpwHSP3pHIwW11A_4m2Zqe1qOEYb2QrVFrG7os9ivH_ajqNM-X_bdNuHmEdQ-r_E9np9JwXjqk2rPBAE-AnwMqwHZrw6MpxWUjjBA/s320/hucth.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUSrXCRbih6ChL2ITp8jnhoaPJ_mbIdeMiDPkeCPxpwHSP3pHIwW11A_4m2Zqe1qOEYb2QrVFrG7os9ivH_ajqNM-X_bdNuHmEdQ-r_E9np9JwXjqk2rPBAE-AnwMqwHZrw6MpxWUjjBA/s72-c/hucth.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/hutch.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/hutch.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy