සැප් 29, 2017 15:30 නලින් දිල්රුක්ෂ ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳි...
සැප් 29, 2017 15:30
ඔන්න අද අපි ඉදිරිපත් කරන්නෙ ලංකාවේ උතුරු නැගෙනහිර වගේම දකුණු වෙරළ තිරයේත් ඉතා හොඳින් වැවෙන තල් ගසේ ගෙඩියෙන් ඉතාමත්ම ප්‍රණීත පානයක් හදාගන්න ආකාරයයි.
ඉතාමත් ගුණ දායක වගේම රසවත් පානයක් මේ තල් පානය. සීතල බීම විදුරුවක් අවශ්‍ය වෙලාවට ඉතාමත් ම ගැලපෙන පානයක් මේ තල් බීම.
දාස් ගාණක් තල් ගස් යට මේ ගෙඩි ඉදිලා වැටිලා යනවා. මේ මගින් ව්‍යාපාරයක් ලෙස වුවත් තල් කෝඩියල් නිෂ්පාදනය කරන්න හැකයි.
පසු ගිය දවසක අපි මන්නාරමේ කළ සංචාරයේ දී අපට මේ රසවත් බීම වීදුරුවක රස බලන්න ලැබුණා. මේ බීම අපට පිළිගැන්වුයේ මන්නාරම යුද හමුදා කඳවුරේදී.
ඇත්තටම බීම රස බලපු අපට හිතාගන්නත් බැරි වුණා මේ මොන වර්ගයේ බීමක් ද කියන එක. පසුව සොයා බැලීමේදි තමයි දැනගත්තේ තල් ගෙඩියෙන් හදන ලද බීමක් බව.
ඉතින් ඔයාලටත් මේ බීමක රස බලන්න එය හදන විදිය අපි එය හදපු ගෙන්ම අහ ගත්තා. පහත වීඩියෝවේ තියෙන්නේ මේ තල් ගෙඩියෙන් රසවත්ම බීම එක හදාගන්න සම්පුර්ණ ක්‍රමවේදයයි.
දවසක හදලා බලන්න... හැදුවොත් අපටත් කියන්න.
COMMENTS