අපරාධවලට හවුල් වූ සියල්ලෝම පාහේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර එලෙස අපරාධවලට හවුල් නොවූ කණ්ඩායමක් සිටියේ නම් ඒ සිය මන්ත්‍රී කණ්ඩායම බව ජාතික...
අපරාධවලට හවුල් වූ සියල්ලෝම පාහේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර එලෙස අපරාධවලට හවුල් නොවූ කණ්ඩායමක් සිටියේ නම් ඒ සිය මන්ත්‍රී කණ්ඩායම බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.
''ලංකාවේ ප්‍රධාන වැලි ජාවාරම්කාරයා පාර්ලිමේන්තුවේ. එතනෝල් ජාවාරම් කාරයෝ එක්කෙනෙක් කළුතරින් එක්කෙනෙක් පුත්තලමෙන් අනිත් කෙනා මාතලෙන් අනිත් කෙනා කුරුණෑගලින්. ලංකාවේ ප්‍රධාන හාල් ජාවාරම්කාරයෝ දෙන්න එක්කෙනෙක් මාතරින් එකෙක්නෙක් පොළොන්නරුවෙන්. ලංකාවේ ප්‍රධාන පස් ජාවාරම්කාරයා දිවුලපිටියෙන් පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන කුඩු ව්‍යාපාරිකයා මීගමුවෙන් පාර්ලිමේන්තුවට එවල තියෙනවා'' යැයි දිසානායක මහතා සඳහන් කරයි.
කිසිදු ප්‍රතිපත්තියක්,සංවරකමක් නැති තැනක් බවට පාර්ලිමේන්තුව පත් වූ අතර එවැනි පසුබිමක ජනතාවට පාර්ලිමේන්තුව ගැන කෝපයක් ඇති වන බව ඔහු පෙන්වා දෙයි.
රටේ කොතැනක හෝ යම් විනාශයක් සිදුවුවහොත් ඒ විනාශය ජනතාව පාර්ලිමේන්තුවට ප්‍රර්ථනා කරන්නේ එහෙයින් බව අනුර දිසානායක මහතා කියා සිටියි.
''මේ පාර්ලිමේන්තුවට ජනතාවගේ කෝපයක් සහ වෛරයක් තියෙන්නේ. ඒ නිසා රටේ කොතනක හෝ විනාශයක් වුනොත් ජනතාව ඒ විනාශය ප්‍රර්ථනා කරන්නේ පාර්ලිමේන්තුවට. සහරාන් බෝම්බේ හගනකොට හිතන්නේ මොකක්ද? කොරෝනා එද්දී මොකද හිතෙන්නේ? හැදෙන්නේ නැහැනේ අතනට කියලා මිනිස්සු හිතන්නේ. පාර්ලිමේන්තුව තියෙන තැන නරක නැහැ, ලස්සනයි. ගොඩනැගිල්ල ලස්සනයි. එහෙනම් අප්සට් කවුද? ඇතුළේ ඉන්න කට්ටිය. දින 52 කාලේ මතකද මන්ත්‍රීවරු එහෙට පනිනවා මෙහෙට පනිනවා. පාර්ලිමේන්තුව ගැන කෝපයක් ඇතිවෙන්න හේතුව තමයි ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ගෙන් මේක පිරීම. සංවර හැසිරීමක් නැහැ. මිරිස් කුඩුවලින් ගහගන්නවා. මේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා කොච්චර කියල ඇතිද මන්ත්‍රීවරුනි සංවරව හැසිරෙන්න ළමයි ගැලරියේ කියල. පාර්ලිමේන්තුව දින 10ක් ළමයින්ට බලන්න තහනම් කරලා තිබුණා.''
නමුත් කවදාවත් සත්තු වත්ත ළමයින්ට තහනම් කලාපයක් නොවුණු බවද අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළකළේ කොළඹදී පැවති ජනහමුවකදීය.
COMMENTS