දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරලියගහ මන්දිරේ යහපාලන මැතිවරණ දන්සල්... - ජෝසෆ් ස්ටාලින් (ලංකා ගුරු සංගමය)
Homeදේශපාලන

අරලියගහ මන්දිරේ යහපාලන මැතිවරණ දන්සල්... - ජෝසෆ් ස්ටාලින් (ලංකා ගුරු සංගමය)

PropellerAds

‘ජංගම විද්‍යාගාර උපකරණ කට්ටලයක් ලබා දීමට‘ යැයි කියමින්, දුරකථන මාර්ගික ක්‍ර‍මයට පණිවිඩ දි අදාළ විදුහල්පතිවරුන්, ඊයේ දිනයේ දි හදිසියේ අරලි...

2020 ටත් පොදු අපේක්ෂකයෙක්!
ට්‍රම්ප් ධවල මන්දිරයට ආ හැටි - 4 කොටස | ලොව ජනප්‍රියම චාටු බස් දොඩන්නා
විධායක ජනාධිපතිධූරය තියනකං මොන වෙනස්කම් කළත් වැඩක් නෑ - අශෝක පීරිස්
අරලියගහ මන්දිරේ යහපාලන මැතිවරණ දන්සල්... - ජෝසෆ් ස්ටාලින් (ලංකා ගුරු සංගමය)

‘ජංගම විද්‍යාගාර උපකරණ කට්ටලයක් ලබා දීමට‘ යැයි කියමින්, දුරකථන මාර්ගික ක්‍ර‍මයට පණිවිඩ දි අදාළ විදුහල්පතිවරුන්, ඊයේ දිනයේ දි හදිසියේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවත්, කැඳවීමේ ලිපිය සහ සහභාගීත්වය සහතික කරන ලිපිය යන ලිපි දෙක ම විදුහල්පතිවරුන්ට ලබා දී ඇත්තේ, එදින වැඩසටහන නිමාවීමෙන් පසුව බව ත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊයේ පැවැති එම වැඩසටහනේ දී ‘විදුහල්පතිවරුන්ට එම විද්‍යා උපකරණ හඳුන්වාදීමක් පමණක් කළ ත්,ඔවුන්ට දුරකථන මාර්ගික කැඳවීම් ලැබී තිබුණේ උපකරණ ලබා දෙනවා ය‘ යනුවෙන් යැයි පවසන ලං.ගු.සං. ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එවැනි හඳුන්වා දීමේ වැඩසටහනකට අගමැතිතුමා සහ ඇමතිතුමා සහභාගී වීම සහ විදුහල්පතිවරුන් කැඳවීම ‘විහිලුවක් නොවේ නම්, අනිවාර්යය ඡන්ද ගුණ්ඩුවක් වන බව‘ ය. සැබැවින් ම එවැනි විද්‍යා උපකරණ හඳුන්වාදීමේ වැඩසටහනක් කිරීම අරමුණ වූයේ නම්, ඔවුන් එය කලාප අධ්‍යාපන කාර්යයාල හරහා, විද්‍යාව විෂය පිළිබඳ පුහුණුකරුවන් සහ අධ්‍යක්ෂවරුන්ගේ ත්, විද්‍යා ගුරුවරුන්ගේ ත් සහභාගීත්වයෙන් අදාළ වැඩසටහන කළ යුතු ව තිබුණේ යැයි පෙන්වා දෙන ලං.ගු.සං. ලේකම්වරයා පවසන්නේ, ඊයේ පැවැති වැඩසටහන ‘දේශපාලන කතා‘ වලින් යුතු වූ ද, ‘තේ පාන සහ දිවා භෝජන සංග්‍ර‍හ‘ වලින් සමන්විත වූ ද ‘දන්සැලක්‘ පමණක් ම වන බව යි.

මේ අතර ඉකුත් දෙසැ. 6 වැනිදා ද ‘පුස්තකාල වලට පොත් ගැනීමට ලක්ෂ 6 ක් දක්වා මුදල් ආධාර දෙන බව‘ පවසමින්,මේ ආකාරයෙන් ම විදුහල්පතිවරුන් 2300 කට අධික විදුහල්පතිවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට ගෙන්වූ බව ත්, එහිදී ද වැඩසටහන අවසානයේ දී ‘මුදල් පාසල් සංවර්ධන සමිති වල ගිණුම් වලට අනාගතයේ දි බැර කරන බව‘ පැවසූ බවත් ලං.ගු.සං. ලේකම්වරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පෙර කී අවස්ථා දෙකේ දීම වැඩසටහන් උත්සවාකාරයෙන් පැවැති බවත්, කෑමෙන් බීමෙන් සංග්‍ර‍හ පවත්වා දේශපාලන දේශන පැවත්වූ බවත්, එය එක් අතකින් මැතිවරණ නීතියට පටහැණි මැතිවරණ අල්ලස් බවත්, අනෙක් අතට 2011 සිට ගුරු වැටුප් හිඟ පියවා නොමැති අධ්‍යාපන අමාත්‍යංශය විසින් කරනු ලබන මුදල් නාස්තියක් බව බවත් ය.

‘‘රාජපක්ෂගෙ මැතිවරණ දන්සල් එළිපිට ම දන්සල්... මේ අලුත් මැතිවරණ දන්සල් කොලේ වහල, වෙන නමක් ඉස්සරහට දාගෙන කරන ‘යහපාලන දන්සල්‘...‘‘ යැයි ලං.ගු.සං. ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.

- සුරේඛා සමරසේන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරලියගහ මන්දිරේ යහපාලන මැතිවරණ දන්සල්... - ජෝසෆ් ස්ටාලින් (ලංකා ගුරු සංගමය)
අරලියගහ මන්දිරේ යහපාලන මැතිවරණ දන්සල්... - ජෝසෆ් ස්ටාලින් (ලංකා ගුරු සංගමය)
http://ift.tt/2qrQkER
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_667.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_667.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy