අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විවිධ පුද්ගලයන් ආගමික කටයුතු පවා සංවිධානය කරමින් තිබෙන බව වාර්තා වී ඇති බවත් ඒවාට සම්බන්ධ වන පූජ්‍ය,...
අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විවිධ පුද්ගලයන් ආගමික කටයුතු පවා සංවිධානය කරමින් තිබෙන බව වාර්තා වී ඇති බවත් ඒවාට සම්බන්ධ වන පූජ්‍ය, පූජක ඕනෑම පාර්ශ්වයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි සභාපතිවරයා පවසන්නේ.
නීතිවිරෝධී ලෙස කාර්යාල පවත්වාගෙන යන අපේක්ෂකයන්ට සහ නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සිදුකරන අපේක්ෂකයන්ට ඒවා ඉවත් කරගැනීම සඳහා ජනවාරි 31 වැනිදා දක්වා අවස්ථාව ලබාදෙන බවත් ඉන් පසු නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. මැතිවරණ නීතියට අනුව රැස්වීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පමණක් පෝස්ටර් ඇලවිය හැකි අතර අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණු ප්‍රදර්ශනය කළහැක්කේ අපේක්ෂකයාගේ මැතිවරණ කාර්යාලයේ පමණි.
නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සිදුකරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා දේශපාලන පක්ෂවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
COMMENTS