ජාලිය වික්‍රමසූරිය ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ සිය කාර්යාල පරිශ්‍රය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් ...
ජාලිය වික්‍රමසූරිය ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ සිය කාර්යාල පරිශ්‍රය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 132,000 ක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වූ අතර ඔහුව ඇප මත නිදහස් කර තිබිණි.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමරිකාවට යාමට ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මාස දෙකක කාලයක් රටින් පිටව සිටීම සඳහා අධිකරණයේ අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් මාස දෙකක කාලය ඉක්ම ගොස් තිබියදී ඔහු අධිකරණය වෙත ඉදිරිපත්වීමට අසමත් වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.
පොලිස් නිළධාරීන්ගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළාය. ජාලිය වික්‍රමසූරියගේ ඇපකරුවන් ලෙස පෙනීසිටි ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුට පෙබරවාරි 16 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
COMMENTS