දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න
Homeප්‍රවෘත්ති

පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න

PropellerAds

ජූනි මස 12 වැනිදා නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් මාදිලියේ ගිනි අවි මෙරට වෙඩි තැබීමේ ක්‍රීඩාව  ස...

ඔසුසල් ටිකත් ඉන්දියාවටම?…. රාජ්‍ය ඔසුසල්වලට සමගාමීව ඉන්දීය සමාගමකට ඔසුසල් ජාලයක් ආරම්භ කිරීමට රජය අවසර දිලා…
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ධම්මික.. අගමැති නාමල්!
අපි රනිල් සමග යනවා.. ඔබට ආයුබෝවන් - පොහොට්ටු මන්ත‍්‍රී රැසක් මහින්දට සමුදෙති!
ජූනි මස 12 වැනිදා නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් මාදිලියේ ගිනි අවි මෙරට වෙඩි තැබීමේ ක්‍රීඩාව  සඳහා උපයෝගී කර නොගන්නා බව ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


එබැවින් එම පුද්ගලයා සියදිවි හානි කරගැනීමට යොදාගත් ගිනි අවිය වෙඩි තැබීමේ  ක්‍රීඩාව  සඳහා උපයෝගී කරගන්නා ගිනි අවියක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් ඇතැම් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා පළවූ පුවත් පිළිගත නොහැකි බවද එම නිවේදනයේ ඇතුළත් වේ.

සියදිවි හානිකර ගැනීම සඳහා එම පුද්ගලයා උපයෝගී කරගෙන ඇත්තේ පොයින්ට් 22 අර්ධ ස්වයංක්‍රීය මයික්‍රෝ පිස්තෝලයක් බවත්, එම පිස්තෝල වර්ගය උපයෝගි කරගන්නා කිසිදු තරග ඉසව්වක් ශ්‍රී ලංකාවේදී නොපැවැත්වෙන බවත් වෙඩි තැබීමේ සම්මේලනය වැඩිදුරටත් කියා සිටියි.

තවද වෙඩි තැබීමේ සම්මේලනයට අයත් පොයින්ට් 22 වර්ගයේ රයිෆල සහ පිස්තෝල හොඳින් පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, ඒ සඳහා වාර්ෂිකව බලපත්‍ර ලබාගත යුතු බවත් සම්මේලනයේ නිවේදනයේ ඇතුළත් වේ.

එබැවින් පොයින්ට් 22 වර්ගයේ ගිනිඅවි සඳහා බලපත්‍ර  ලබාගැනීමට අවශ්‍ය නොවන බවට මාධ්‍යය හරහා පළ වූ පුවතද සාවද්‍ය බව සම්මේලනය සඳහන් කරයි.

වෙඩි තැබීමේ සම්මේලනය භාවිතා කරනු ලබන ගිනි අවි වර්ග පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා නුදුරු අනාගතයේදී දිනක වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද සම්මේලනයේ තාක්ෂණික කමිටුව මේ දිනවල කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා සම්මේනයේ ලියාපදිංචි සෑම බලපත්‍රලාභී ගිනි අවි හිමියෙකුගේද සහභාගීත්වය, සමීපව අධීක්ෂණය කරනු ලබන අතර ඔවුන්ගේ ගිනි අවි බලපත්‍ර අලූත් කිරීමේදීද සියලූම අංශ සැලකිල්ලට ගන්නා බවද සම්මේලනය පවසයි.

දිවයින
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න
පරීක්ෂණ වාර්තා කණපිට හරවමින්, නිදහස් චතුරස‍්‍රය අසලදී පුද්ගලයකු විසින් සියදිවි හානිකර ගැනීම සඳහා යොදාගත් ගිනි අවිය ගැන වෙඩි තැබීමේ සම්මේලනය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcDPMP2hDXeABHsSDgS3u-V4gPJdpmBOycrtD8khrg_cBT5MReXeXntfQ8Fn6UJyoIbmcaH8EH0znDI7VYj6ZfKV_FDciCvwGM27t9e49XZKm4m4Ov0VGrnVq1VBv1w-Uu8lWD6IqX-Zo/s320/DEATH.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcDPMP2hDXeABHsSDgS3u-V4gPJdpmBOycrtD8khrg_cBT5MReXeXntfQ8Fn6UJyoIbmcaH8EH0znDI7VYj6ZfKV_FDciCvwGM27t9e49XZKm4m4Ov0VGrnVq1VBv1w-Uu8lWD6IqX-Zo/s72-c/DEATH.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_479.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_479.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy