රටපුරා පෞද්ගලික ඔසුසැල් ආරම්භ කිරීමට ඉන්දීය සමාගමකට අවසර ලබා දීම රජය රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර...
රටපුරා පෞද්ගලික ඔසුසැල් ආරම්භ කිරීමට ඉන්දීය සමාගමකට අවසර ලබා දීම රජය රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව රාජ්‍ය ඔසුසල්වලට සමගාමීව මෙම පෞද්ගලික ඔසුසල් ආරම්භ කිරීම දිවයින පුරා සිදු කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පෙන්වාදේ.
රාජ්‍ය ඔසුසල් සමග තරගයක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දීය සමාගමකට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති නමුත් ප්‍රධාන රාජ්‍ය ඔසුසල තව නොබෝ දිනකින් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ඔසුසල නමින් වෙනස් කිරීමටද කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටියි.
කෙසේ නමුත් ලංකාසර මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකුගෙන් විසමසු කළ ඔහු පැවසුවේ ඔසුසල් මේ වන විට පාඩු පිට පවත්වාගෙන යන බැවින් ඉන්දීය ඔසුසල් මෙරට තුළ ආරම්භ කිරීමත් සමඟ රාජ්‍ය අංශයේ ඔසුසල් ඉබේ වැසී යාමට හෝ එම සමාගම්වලටම පවාරා දීමක් වනු ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට කථාබහක් ඇතිව තිබෙන බවකි.
-lankasara
COMMENTS