දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවුවා - සාරාගේ මව කොමිසමේදී හඬමින් කියයි
Homeප්‍රවෘත්ති

තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවුවා - සාරාගේ මව කොමිසමේදී හඬමින් කියයි

PropellerAds

පාස්කු ප්‍රහාරයෙන් පසුව "ත්‍රස්තයින් ස්වයං ඝාතනයට ලක්වූ" සයින්දමරුදු නිවසින් හමුවූ රන් ආභරණ අතර තමන් දියණියට දුන් රන් ආභරණ කිසිවක...

අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනා යළි රිමාන්ඩ්
"පොලිස්පතිට වැඩ බෑ - පාතාලය රජ වෙලා" - මහින්ද
ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට යයි
පාස්කු ප්‍රහාරයෙන් පසුව "ත්‍රස්තයින් ස්වයං ඝාතනයට ලක්වූ" සයින්දමරුදු නිවසින් හමුවූ රන් ආභරණ අතර තමන් දියණියට දුන් රන් ආභරණ කිසිවක් දක්නට නොලැබුණු බව පුලස්තිනීගේ මව වන රාසරත්නම් කවිතා මහත්මිය, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී අද (25) ප්‍රකාශ කළාය.

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරය එල්ල කළ මොහොම්මදු හස්තූන්ගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මව රාසරත්නම් කවිතා නම් තැනැත්තිය පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබුණි.

කොමිසමේදී හඬ හඬා සාක්ෂි දුන් ඇය පැවසුවේ, සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නැමැත්තා තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා, කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රහාරකයා වූ හස්තුන්ට විවාහ කර දුන් බවය.

තම වැඩිමහල් දියණිය වන පුලස්තිනී මහේන්ද්‍රන් 1996 වසරේ මඩකලපුව තේතාතිව් නම් ගමෙහි උපත ලබා තේතාතිව් මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා සාමාන්‍ය පෙළ විභාගයට A8යි B 1 ක සාමාර්ථයක් ලබා උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරාගෙන කල්මුණේ ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

ඒ වන විට තමන් අබුඩාබිහි රැකියාවක නිරත වූ බවත් 2015 වසරේ ජූලි 29 වනදා තම දියණියවන පුලස්තිනි උපකාරක පන්තියට ගොස් නැවත නිවසට නොපැමිණි බවට තමන්ට දැනගන්නට ලැබුණු බව ඇය පැවසුවාය.

ඉන් කලබලයට පත්වූ තමන් සිය මවට මේ පිළිබඳ ව කලවංචිකුලම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකරන ලෙස දන්වූ බවත් අනතුරුව අබ්දුල් රාසික් නම් පුද්ගලයෙක් තම සහෝදරයාට දුරකථනයෙන් අමතා ඔවුන් භාරයේ පුලස්තිනී සිටින බවත් ඇය ඉස්ලාම් ආගමට හරවා ඇති බව පවසා ඇති බවත් ඇය ප්‍රකාශ පැවසුවාය.

ඒ අනුව, තමන් හැකි ඉක්මනින් දිවයිනට පැමිණ අබ්දුල් රාසික් රැඳී සිටි ඔහුගේ තව්හිද් ජමාත් සංවිධානයේ මාළිගාවත්තේ පිහිටි කාර්යාලයට ගිය විට අබායා ඇඳුමකින් සැරසී සිටි සිය දියණියවන පුලස්තිනීව දුටු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

අනතුරුව තමන් මාළිගාවත්ත පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කර අබ්දුල් රාසික් සහ පුලස්තිනීවද එම ස්ථානයට කැඳවාගෙන ආ බව පැවසු සාක්ෂිකාරිය පැවසුවේ දින පහළොවක් ඇතුළත පුලස්තිනී යළි හින්දු ආගමික කටයුතු සිදුකරමින් සිටින්නේනම් පමණක් දියණියව තමන් සතුව රඳවා ගැනීමට හැකියාව ඇති බව මාළිගාවත්ත පොලිසිය විසින් පැවසු බවය.

එසේ නොවුනහොත් දින පහළොව අවසානයේ අබ්දුල් රාසික්ට දියණියව යළි භාරදිය යුතු බවද පොලීසිය විසින් දැනුම් දුන් පසු තමන් බස් රථයක දියණියද කැටුව නිවස බලා පිටත් වූ බව සාක්ෂිකාරිය පැවසුවාය.

එලෙස පැමිණෙන අතරතුර පුලස්තිනී විසින්ම ඇය හැඳ සිටි අබායා ඇඳුම ඉවත් කළ බවත් නිවසට පැමිණීමෙන් පසු හින්දු ආගමට අනුව පුලස්තිනී කටයුතු කළ බවත් ඇගේ මව සඳහන් කළාය.

කෙසේවෙතත් දින පහළොව අවසානයේ අබ්දුල් රාසික් විසින් දුරකතන ඇමතුමක් ගෙන " දවස් 15කටයි අරන් ගියේ. ඔයා දුවව ආයෙ බාරදුන්නේ නෑ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" ලෙස පැවසූ විට දියණිය හින්දු ආගමානුකූලව සිටින බව ප්‍රකාශ කළ ද අබ්දුල් රාසික් තර්ජනාත්මක " අපි දන්නව ළමයව මෙහෙට හරවගන්න " යැයි පැවසූ බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ හඬමින් සඳහන් කළාය.

ඉන් දින කිහිපයකට පසු 2015 වසරේ සැප්තැම්බර් 24 වනදා අසනීපයක් හේතුවෙන් තමන් පුලස්තිනී සමග රෝහලට ගිය අවස්ථාවේ ඇය එක්වරම සොයාගැනීමට නොහැකි වු බවත් මේ සම්බන්ධයෙන් මඩකලපුව පොලීසියේ පැමිණිල්ලක් එදිනම ගොණු කළ බවත් පුලස්තිනීගේ මව පැවසුවාය.

සිද්ධියෙන් පසු දින අබ්දුල් රාසික් නැවත දුරකතන ඇමතුමක් ගෙන "දුව අපි ළඟ ඉන්නේ. ඇයව හස්තුන්ට විවාහ කරල දුන්නා" යැයි පැවසූ බවත් ඉන් පසු දින තමන් යළි අබ්දුල් රාසික්ගේ කොළඹ කාර්යාලයට පැමිණි බවත් කවිතා මහත්මිය කීවාය.

එහි යන විට පුලස්තිනී සමග හස්තූන් නමැත්තා සහ අබ්දුල් රාසික් සමග තවත් දෙදෙනෙකු සිටි බවත් පුලස්තිනී මහේන්ද්‍රන් සිය නම සාරා ජෙස්මින් ලෙස වෙනස් කර තිබූ නිසා තමන් යළි මාළිගාවත්ත පොලිසියට අබ්දුල් රාසික්ගේ මෙම ක්‍රියාව පිළිබඳ පැමිණිලි කළද පොලිසිය එය නීත්‍යානුකූල විවාහයක් යැයි පවසා කිසිවක් කළ නොහැකි බව පැවසුවේ යැයි ඇය සඳහන් කළාය.

එහිදී අබ්දුල් රාසික් විසින් "අපි මේ දෙන්නට නිවසක් අරන් දෙන්නම්. සල්ලිත් දෙන්නම්. ඔයා දැන් යන්න" යැයි තමන්ට පැවසූ පසු තමන් යළි විදෙස් ගතවූ බව සාක්ෂිකාරිය කීවාය.

අනතුරුව, සාරා නාරම්මල ප්‍රදේශයේ හස්තූන් සමගින් සිටින බව තමන්‍ට දැනුම් දුන් බවත් ඇයට රූපවාහිනිය නැරඹීම, පිරිමි පුද්ගලයන් සමග කතා බස් කිරීම, ඡායාරූප ගැනීම ආදි කටයුතු හස්තූන් විසින් තහනම් කර තිබූ බව සාක්ෂිකාරිය කීවාය.

2019 පෙබරවාරි 19 වනදා සිය දියණිය තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී දින කිහිපයකට යළි ඇමතුම් නොගන්නා ලෙස පැවසූ බවත් එදා සිට අද වන තුරු සිය දියණියගේ කටහඬ හෝ රූපය පවා තමන් නොදුටු බව පුලස්තිනීගේ මව හඬමින් කොමිසම හමුවේ පැවසුවාය.

තමන් පසුගිය වසරේ අප්‍රේල් 7 වනදා යළි මෙරටට පැමිණ නාරම්මල පොලීසියට ගොස් දියණිය සොයා දෙන ලෙස පැමිණිලි කළ බවත් පසුදින තම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පවසමින් රොෂාන් නම් නිලධාරියකු පැමිණි බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

තමන් විසින් දියණියව සෑම තැනකම සොයා යන බව දැනගෙන අබ්දුල් රාසික්ගෙන් ලැබුනු තොරතුරක්ද මත ඔහු තමන් හමුවීමට පැමිණ තිබූ බවත් එලෙස පැමිණි පුද්ගලයා තමන්ට සහරාන්ගේ ඡායාරූපයක් පෙන්වා " සහරාන්ගේ බිරිද සමග තමයි සාරා ඉන්නේ "  යැයි පැවසූවද තමන් ඒ වනවිට සහරාන්ව දැක නොතිබූ බව පුලස්තිනීගේ මව කොමිසමට පැවසුවාය.

කෙසේවෙතත් අප්‍රේල් 21 න් පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රචාරය කරන අතරතුරදී තම දියණියගේ ඡායාරූපයද ඒ අතර තිබෙනු දුටු බව පුලස්තිනීගේ මව ප්‍රකාශ කළාය.

අනතුරුව මෙම වසරේ ජනවාරි මස 10 වැනිදා තමන් අම්පාර පොලිසියට කැඳවූ අවස්ථාවේදී සයින්දමරුදු නිවස තුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් පසු හමුවූ රත්‍රං ආභරණවල ඡායාරූප පෙන්වනු ලැබුවත් ඒ අතර තමන් විසින් දියණිය වෙත ලබාදුන් රන් ආභරණ නොතිබුණු බව සාක්ෂිකාරිය කීවාය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසුවේ එම සිද්ධියෙන් පසු ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදුකළේද යන්නය.

එසේ සිදුකළත් සයින්දමරුදු නිවසේ මියගිය අය සමග තමන්ගේ ඩී. එන්. ඒ වාර්තා නොසැසඳුන බවට තමන් දැනගත් බව සාක්ෂිකාරිය පැවසීය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශ ලබාදීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී සහරාන්ගේ බිරිඳ මුණගැසුනු අවස්ථාවේදී සාරා තමන් සමග එම නිවසට පැමිණ සිටි බව සහරාන්ගේ බිරිඳ තමන්ට පැවසූ බවත් සාක්ෂිකාරිය කොමිසමට ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවුවා - සාරාගේ මව කොමිසමේදී හඬමින් කියයි
තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවුවා - සාරාගේ මව කොමිසමේදී හඬමින් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmnpAX45-HvyNvK3z0pUdn3ZMlVu1d8iwIkr_GRSpHow-I1UWKISMiNIc3oP-hKuNVuaqOAH7E7p7ClBtLJvTWi-iF6upIicWbIU6EqaW13gNKKgLsWRbA2DP2CKOlZpVUDB41lDo-Awc/s320/sara-jesmin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmnpAX45-HvyNvK3z0pUdn3ZMlVu1d8iwIkr_GRSpHow-I1UWKISMiNIc3oP-hKuNVuaqOAH7E7p7ClBtLJvTWi-iF6upIicWbIU6EqaW13gNKKgLsWRbA2DP2CKOlZpVUDB41lDo-Awc/s72-c/sara-jesmin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_436.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_436.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy