රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (27) බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙ...
රට තුළ පාතාලය රජ කරවන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (27) බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පාතාලය රජ කරවන තත්ත්වයක් අද උද්ගත වෙලා තියෙන්නේ කාගේ වරදින්ද කියලා ඔබ කල්පනා කළ යුතුව තියෙනවා. පාලකයින් දේශපාලන වුවමනාවලට, පිටරට පැනලා ඉන්න පාතාලේ නායකයෝ ලංකාවට ගෙන්න ගෙන ආරක්ෂාව දීලා ඔවුන් අද ඒ කටයුතුවල යෙදෙන ගමන් සමහරු පිටරට ඉඳගෙන මේවා මෙහෙයවනවයි කියන පොලිස් වාර්තා අද තියෙනවා. නීතිය නවනවා හැර පොලිස්පතිතුමාට දෙයක් කරන්න බැරි බව අද බොහොම පැහැදිලිව පෙනෙනවා. පොලිස් නිලධාරියට උසස්වීමක් දෙන්න කියලා එක පාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, තුන් පාරක් නිර්දේශ කරලා තියෙද්දීත් ඒ පොලිස් නිලධාරීන්ට පොලිස්පති තරහා නම් උසස්වීම නැහැ. ලෝකේ වටේ යනවා මගේ සල්ලි හොයාගෙන, මම කිව්වා දෙන්නම් චෙක් එකක් හොයලා දෙන්න, මට චෙක් පොත් දෙන්න, එකවුන්ට් එක තියෙන තැන හොයලා දෙන්න. මම ලියලා දෙන්නම් සියලු සල්ලි මේ රටට ගෙනල්ලා මේ බදු කරුණාකරලා අඩු කරන්නැයි කියලා.”
COMMENTS