දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආර්ථික ගැන මා සමග විවාදයකට එන්න'- සජිත්ගෙන් අගමැති මහින්දට විවෘත අභියෝගයක්
Homeප්‍රවෘත්ති

'ආර්ථික ගැන මා සමග විවාදයකට එන්න'- සජිත්ගෙන් අගමැති මහින්දට විවෘත අභියෝගයක්

PropellerAds

ආ ර්ථික විද්‍යාව ගැන තමන් සමග විවාදයකට එන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට තමන් අභියෝග කරන ලෙස සමගි ජන බලවේග නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැ...

අලුත උපන් බිලින්දිය රෝහලේ තනි කර මව පැන යයි..
එජාපෙ නායකයන් සජිත්ව වටේ යවයි.. එජාප කැමැත්ත අරන් එන්නැයි හරවා යවලා.. ඊයේ හමුවේදී වූ දේ මෙන්න..
චන්ද‍්‍රිකා කලේ දෙ‍්‍රා්හී ප‍්‍රකාශයක්..- එස්.බී. චන්ද‍්‍රිකාට විරුද්ව යලි කට අරී..
ර්ථික විද්‍යාව ගැන තමන් සමග විවාදයකට එන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට තමන් අභියෝග කරන ලෙස සමගි ජන බලවේග නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා එ බැව් කියා සිටියේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය පෞද්ගලික ශාලාවක පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමට එක්වෙමිණි.


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

වතු ක්ෂෙත්‍රයේ ජනතාව ඉතාමත් දුක්ඛිත ජිවිතයක් ගත කරන්නේ, සමගි ජන බලවේග රජයක් තුල ඔහුන්ට අපේ යුතුකම් ඉෂ්ට කරනවා.

වතුකරයේ ජනතාව හැමවේලාවෙම හිටියේ අප සමග , පසුගිය ජනාධිපතිවරණයේදි අපිට විශාල ජන්ද ප්‍රමාණයක් ලබා දුන්නා.

අපි පොරොන්දු වුණා වතු කම්කරුවෙකුට දිනකට දිරි දිමනා ඇතුළුව රු එක්දහස් පන්සියක් ලබා දෙන්න.

වත්මන් රජය වතු කම්කරුවන්ට රු දහසේ වැටුප ලබා දෙන්න ඕනි , වැටුප ලැබුණද?

අපි වතු ජනතාවට රු එක්දහස් පන්සියේ වැටුප ලබා දෙනවා .

වත්මන් රජය සමෘද්ධි ලාභින්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න කටයුතු කරනවා , සමෘද්ධි ලාභින් දහසය ලක්ෂයට සමෘද්ධි මුද්දරය ලබා දිලා නැ.

මැයි මාසයේ ලබා දුන් සහනාධාරය සමෘද්ධි ලාභින් පවුල් වලින් අය කරන්න මේ රජය කටයුතු කරනවා.

මැයි මාසයේ සහ අප්‍රේල් මාසයේ සමෘද්ධි ලාභින්ට රු පන්දහසේ දිමනා දෙකක් දුන්නා , දැන් එවායින් පන්දහසක් ආපසු අය කර ගන්න යනවා.

සමෘද්ධි ලාභියට ලැබිය යුතු මුදල් ආපසු අපි ලබා දෙනවා. සමෘද්ධි ලාභින් ආරක්ෂා වෙන්නේ ජාතික සමගි ජන බලවේගයෙන් පමණයි.

රටේ ආර්ථික ගැටළුවක මුහුණ දිලා අහස උසට ජිවන වියදම, පාලකයින්ට මේ බඩු මිල ගැන තේරෙන්නේ නැ.

මොකද ආහාර පාන වලට ඒ අයට වියදමක් නැ , ආණ්ඩුව සප්පායම් වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්.

අද ආණ්ඩුව නන්නත්තාර වෙලා තියෙන්නේ.

අපිට කිව්වේ කොරොනාව පරාජය කරපු ආණ්ඩුව කියලා , එහෙනම් මොකක්ද මේ දෙවනි රැල්ල?

එතකොට කොහොමද මේ රජය කියන්නේ කොරොනාව පරාජය කරා කියලා.

මම පාර්ලිමේන්තුවේදි මේ කොරොනා අවධානම ගැන කතා කලා , එතකොට අපිට කිව්වේ චිනය තරහා කරගෙන බැ කියලා.

අපි කිව්වා හොදම මුව ආවරණ බෙදා හරින්න කියලා , අපිට කිව්වේ මුව ආවරණ වලින් වැඩක් නැ කියලා .

ආණ්ඩුවයි , මහ බැංකු කල්ලියයි දෙගොල්ලොම රටේ ජනතාවගේ මුදල් වලින් සප්පායම් වෙන අය.

යමෙකුට දෙයක් දෙනවා කිව්වම එ අය කියන්නේ අපෝ ඕවට සල්ලි නැ කියලා.

එ වුනා තමන්ට කොමිස් ගහන්න , වංචා කරන්න , අමු අමුවේ මහ දවල් මහ බැංකුව මංකොල්ල කන්න ඒවා පුළුවන්.

මහ ජනතාවට බොරු කරපු ආණ්ඩුව සිල වන්තයෝ වගේ අහනවා කොහොමද විසිදහස දෙන්නේ කියලා.

ආර්ථික විද්‍යාව ගැන අංශු මාත්‍රයක්වත් නොදන්න කෙනෙක් තමයි මුදල් ඇමති වෙලා පාලනය කරන්නේ.

ආණ්ඩුවට කොන්දක් නැ කියපු දේවල් කරන්න.

යුනිසෙෆ් එකෙන් කියනවා අපේ රටේ 30% කට ආහාර පාන නැ කියලා, මොකක්ද ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ගය?

ආණ්ඩුව සුදානම් වෙනවලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපන්න , රාජ්‍යය සේවකයින් ගෙදර යවන්න.

ඒවා කරන්න වෙන්නේ නැ ,අපි මහ මැතිවරණයෙන් මුළු රටම දිනනවා.

මෙම අවස්තාවට සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආර්ථික ගැන මා සමග විවාදයකට එන්න'- සජිත්ගෙන් අගමැති මහින්දට විවෘත අභියෝගයක්
'ආර්ථික ගැන මා සමග විවාදයකට එන්න'- සජිත්ගෙන් අගමැති මහින්දට විවෘත අභියෝගයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgsHazCNeNi8s5sR-4CDDD8eBT0D2w0gdietyFEwnF2FXaNs6yRSThHiwQ9us7QIDf0G1axYDUkPjFiYybO9haPlwd4OvOez675mvuTIC5tzZYZWN7t02ygclX0w9PA32TnRqSDfeopvg/s320/sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgsHazCNeNi8s5sR-4CDDD8eBT0D2w0gdietyFEwnF2FXaNs6yRSThHiwQ9us7QIDf0G1axYDUkPjFiYybO9haPlwd4OvOez675mvuTIC5tzZYZWN7t02ygclX0w9PA32TnRqSDfeopvg/s72-c/sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_340.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_340.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy