එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන්නට කිසිම එකඟතාවයකට පත්ව නැති ...
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට අදහස් පල කර ඇත්තේ රවුෆ් හකීම් මහතා පමණක් යයිද අනෙක් සියලුම පක්ෂ නායකයන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරන අපේක්ෂකයාට තම සහාය ලබාදීමට සූදානම් බවත් වාර්තා වෙයි.
තමනට එක්සත් ජාතික පක්ෂයට පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බව එහිදී පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇති බවත් ඉක්මනින් පක්ෂ අපේක්ෂකයා නම් කරන්න බලපෑම් කළ හැකි බව පක්ෂ නායකයන් පෙන්වා දී ඇති බවද සඳහන්ය.
මෙම හමුව පැවැත්වුණේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදීය ඊයේ රාත්‍රී කාලයේදීය.
රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින් සමග සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කළේය.
එම හමුව සඳහා සජිත් පාර්ශ්වයෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන මහත්වරුන් ද එක්ව තිබිණි.
COMMENTS