නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදි සිසේරියන් සැත්කමකින් බිහි කල බිලින්දිය රෝහලේ අත්හැර දමා මව අතුරුදහන් විම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පුළ...
ඉකුත් මස 31 වෙනි දින උදරයේ අමාරුවක් බව පවසමින් නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ පදිංචි ලිපිනයක් සහිත දෙදරු මවක් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.
රෝහලට ඇතුලත් වු කාන්තාව ස්කැන් පරික්ෂාවකට ලක් කිරිමේදි එම කාන්තාව දරු ප්‍රසුතියකට ආසන්නව සිටින බව තහවුරු කර ගත් වෛද්‍යවරුන් මෙමස 1 දින සිසේරියන් සැත්කමකින් ඇගේ කුසේ සිටි සිගිත්තිය රැගෙන මව වෙත භාර දි සිගිත්තිය අයහපත් ශරිර සෞඛ්‍යයෙන් සිටි නිසා වෛද්‍යයවරුන් විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේමේරු ළදරු ඒකකය වෙත ඇතුලත් කර ඇත.
සිගිත්තයගේ මව දෙදරු මවක් බවත් , දරු ප්‍රසුතියෙන් පසු ඇය ඉකුත් 6 වෙනි දින බැංකුවෙන් ඉල්ලුම් කල තිබු ණය මුදලක් රෝහලෙන් බැහැරව යාමට අවසර ඉල්ලා රොහල් බලධාරින්ට ලිපියක් භාර දි රෝහලෙන් බැහැරව ගිය එම කාන්තාව යලිත් රෝහලට නොපැමිණි බව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියි.
කාන්තාව රෝහලට ඇතුලත් විමේදි ඇය විසින් ලබාදුන් ලිපිනය පිලිබදව නාවලපිටිය දිස්ත්‍රික් මහ රොහල් පොලිසිය විසින් කල සොයා බැලිමකදි එම කාන්තාව කුලි පදනම මත එම නිවසේ පදිංචිව සිට පසුව එම ලිපිනය හැර ගොස් ඇති බවටද පොලිසියට තහවුරු වි ඇත.
බිලින්දියගේ මව සොයා නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS