දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලොන්නරුව අද ටෝකියෝ වගේ.. රජ දවසින් පසු වැඩිම වැඩක් කලේ මායි - හිටපු ජනපති
Homeප්‍රවෘත්ති

පොලොන්නරුව අද ටෝකියෝ වගේ.. රජ දවසින් පසු වැඩිම වැඩක් කලේ මායි - හිටපු ජනපති

PropellerAds

”මම පසුගිය තිස් වසරක කාලය තුළ පොළොන්නරුව ටෝකියෝ වගේ දියුණු කළා. පෙර රජ දවසෙන් පස්සේ මම පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ වෙහෙර විහාරස්ථාන 113ක්...

බොරතෙල් බැරලය ඩොලර් 32ට වැටේ.. ලංකාවේ රුපියලක් මිල නොබසී !
‘කාන්තාවන්ට නොමිලේ පෑඩ් නෑ.. රෑට රෑට ගෙවල්වලට එබෙන්නෑ.. දණගාගෙන දෙපා මුලට එන්නෑ..’ මෙවර සජිත්ගෙන් අලුත් වැඩපිලිවෙලක්
එජාපය කැඩූ හැටි කියාදෙන්න විවාදයකට එනු - රංග බණ්ඩාර, සජිත්ට අභියෝග කරයි
”මම පසුගිය තිස් වසරක කාලය තුළ පොළොන්නරුව ටෝකියෝ වගේ දියුණු කළා. පෙර රජ දවසෙන් පස්සේ මම පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ වෙහෙර විහාරස්ථාන 113ක් හැදුවා. රැකියා තිස් දහසක් දුන්නා. පවුල් විසිපන්දහසකට අළුතින් ඉඩම් දුන්නා. වැව් අමුණු, මහාමාර්ග,රෝහල්,පාසල් ඇතුළු පොදු ස්ථාන දහස් ගණනක් නවීකරණය කළා. මට විරුද්ධව කෑගහන අය පොළොන්නරුව සංවර්ධනයට කිසි දෙයක් කළේ නැහැ.
ඒ කාලේ ඔය කයිවාරු කාරයෝ පොළොන්නරුවේ හිටියෙත් නැහැ යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

දිඹුලාගල මහදමන මහවැලි ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

”1989 සිට අවුරුදු හයක් විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විදිහට මගේ භුමිකාව හරියට කළා. 1994 සිට පසුගිය අවුරුද්දේ නොවැම්බර් 18 දක්වා වූ කාලය තුළ කාර්මික විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විවෘත විශ්වවිද්‍යාල ආදී උසස් අධ්‍යාපන ආයතන පොළොන්නරුවට ගෙනාවා. මම පොළොන්නරුවට නොකළ දේවල් කියන්න. අද තිබෙන තත්ත්වයට පොළොන්නරුව ගෙන එන්න මීට අවුරුදු තිහකට කලින් මම සැලසුම් කළා. අද මම හදපු පාරවල්වල අපේම අය මට බැන බැන ඡන්දේ ඉල්ලන්න යනවා. අද පොළොන්නරුව කොළඹ වගේ නොවෙයි ටෝකියෝ වගෙයි. හැන්දෑවට දරුවොත් එක්ක පරාක‍්‍රම සමුද්‍රය වැව් බැම්මට එන්න පොළොනන්රුවේ සුන්දරත්වය විදින්න.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය හදන්න පමණක් රුපියල් කොටි 27 ක් වැය කළා. අවුරුදු හතකින් හදන්න සැලසුම් කළ මොරගහකන්ද ජලාශය මම අවුරුදු හතරකින් හැදුවා. වකුගඩු රෝහල ලබන ජනවාරි මාසයේ විවෘත වෙනවා. මහවැලි ගෙඟන් එගොඩට ජාතික පාසලක් තිබුණේ නැහැ. මම විලයාය පාසල ජාතික පාසලක් බවට පත් කළා. ඉංග‍්‍රිසි ආණ්ඩුවේ ග්‍රෙගරි ආණ්ඩුකාරයා හැදුවට පස්සේ කෞතුකාගාරයක් හැදුවේ මමයි. අවුරුද්දක් ඇතුළත පොළොන්නරුව කෞතුකාගාරය බලන්න ලක්ෂයකට වැඩිය පිරිසක් ඇවිත් තිබෙනවා. ත‍්‍රී ඞී තාක්ෂණයත් එක්ක දවස් දෙක තුනක් අධ්‍යයනය කරන්න මහාචාර්යවරු, විශ්වවිද්‍යාල දරුවන් මෙහි එනවා. මම සෞඛ්‍ය ඇමති වෙනකොට පොළොන්නරුව රෝහල තිබුණේ අපායක් විදිහටයි.මම එය පළාත් සභාවෙන් මධ්‍යම රජයට පවරාගෙන අද තිබෙන තත්ත්වයට සංවර්ධනය කළා. අරලගංවිල,වැලිකන්ද වැනි රෝහල් ඊට සාපේක්ෂව සංවර්ධනය කළා. අද දිස්ත‍්‍රක්කය පුරා සියලූම රෝහල් සංවර්ධනය කර තිබෙනවා. වල් බිහිවී තිබූ වැව් අමුණු විශාල ප‍්‍රමාණයක් නවීකරණය කළා. ජාතික වශයෙන් කළ දේවල් නොවෙයි මම අද කතා කරන්නේ අපේ දිස්ත‍්‍රික්කය තුළ සිදුකළ සංවර්ධන වැඩසටහන් ගැනයි.

ලංකාවේ කිසිදු පාසලක නැති පහසුකම් පොළොන්නරුව රාජකීය විද්‍යාලයට මම ලබා දුන්නා. අද දිස්ත‍්‍රික්කය පුරා සිටින දරුවෝ එහි ඉගෙන ගන්නවා. පිහිණුම් තටාක දෙකක්, ක‍්‍රීඩාංගන දෙකක්, පන්දහසකට අසුන්ගන්න පුළුවන් ශ‍්‍රවණාගාරයක් ඇතුළුව වෙනත් කිසිදු පාසලකට නැති පහසුකම් මම ලබා දුන්නා. මම දිස්ත‍්‍රික්කයේ පාසල් පද්ධතියට සියලූ සම්පත් දීලා තිබෙනවා.

මම විශ‍්‍රාම අරගෙන ගෙදර යන්න හිටියේ නමුත් අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව වගේම පොළොන්නරුවේ අපේ පක්ෂයේ අය මගෙන් ඉල්ලීමක් කළා නැවත පාර්ලිමේන්තුවට එන්න කියලා. ඒ ඉල්ලීම අහක දාන්න බැරි වුනා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වගේම බැසිල් රාජපක්ෂ මහත්මා එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කලේ. වසර තිහක් පුරාවට මම කළ වැඩ කොටස ගැන පොළොන්නරුවේ ජනතාව දන්නවා. පොළොන්නරුවේ ඉතිරි වී තිබෙන සංවර්ධන වැඩ කොටස නිම කරන්නෙත් අගෝස්තු පස්වෙනිදායින් පසුව පිහිටුවන රජය යටතේ මම බව කියනවා.

මෙම අවස්ථාවට බද්දේගම සමිත හිමි සහ ඇමති රමේෂ් පතිරණ, මොහාන් ද සිල්වා, ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුද එක්වූහ.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලොන්නරුව අද ටෝකියෝ වගේ.. රජ දවසින් පසු වැඩිම වැඩක් කලේ මායි - හිටපු ජනපති
පොලොන්නරුව අද ටෝකියෝ වගේ.. රජ දවසින් පසු වැඩිම වැඩක් කලේ මායි - හිටපු ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFVDbwKsCohsIdrkhgi_aI4dAxTZL4ncB_Ii0ICkRENKrWhYMecs535oMn7wGK54dZ1xlnlSDCDn8VhBF4JFVEirEauocO1AtplJA_acy8IBcUaVVkRWn0-XnDMMGEAWmIK_YmoyhnEFI/s320/mithree.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFVDbwKsCohsIdrkhgi_aI4dAxTZL4ncB_Ii0ICkRENKrWhYMecs535oMn7wGK54dZ1xlnlSDCDn8VhBF4JFVEirEauocO1AtplJA_acy8IBcUaVVkRWn0-XnDMMGEAWmIK_YmoyhnEFI/s72-c/mithree.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy