දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. - බිමල් රත්නායක
Homeප්‍රවෘත්ති

මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. - බිමල් රත්නායක

PropellerAds

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතා ඇත්තේ කොරෝනා පාලනය ගැන සුභ පැතීමකට විය නොහැකි බව ජනතා වි...

අලුත්ම ඇපල් අයිෆෝන් සුපිරි මාදිලිය iPhone X
මේ වසරේ දැනටමත් ළමුන් 81කට ඒඩ්ස්.
සජින්වාස් ගේ විමර්ශන වාර්තා 'මිසින්' - තලතා සීරුවෙන්.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතා ඇත්තේ කොරෝනා පාලනය ගැන සුභ පැතීමකට විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මෙහිදී සාකච්ඡා වී ඇත්තේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට බවයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

නමුත් ඉන්දීය අගමැතිවරයාගේ සමාජ ජාල ගිණුම්වල හෝ ඉන්දීය මාධ්‍යවල එවැන්නක් වාර්තා කර නැති අතර තම තොරතුරු මුලාශ‍්‍රය කුමක්දැයි ජවිපෙ හිටපු මන්ත‍්‍රීවරයා සදහන් කර නැත.

එම සටහන පහතින්

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අද දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කතා කරලා ජනාධිපතිවරයාගේ කොරෝනා මර්ධන වැඩපිළිවෙළ අගය කරා කියලා මාධ්‍ය (ITN) වාර්තා කරළ තිබෙනවා.

සාමාන්‍යයෙන් ඇමරිකාව, රුසියාව, ඉන්දියාව වගේ බලවත් විශාල රාජ්‍යවල නායකයෝ තවත් රටක නායකයෙක් ට කතා කරන්නේ පැහැදිලිවම තමන්ගෙ රටේ විදේශ අමාත්‍යාංශයෙ උපදෙස් මත. මා දන්නා තරමින් මෙවැනි සාකච්ඡා සියල්ලම පටිගත වෙනවා.

ඒවා සියල්ල නිල රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ලෙස වාර්තා කෙරෙනවා. එහෙම නැතුව අල්ලපු රටේ යාලුවෙක්ට කතා කරනවා වගේ සරල එකක් නෙමෙයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එවැනි සම්මතයන් ඔහුගේ පත්වීමේ මුල් කාලයේ නොසලකා හැරීම නිසා ඔහුට ඒ කෙරිච්ච සියලුම සාකච්ඡා නැවත රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ට මතක් කරමින් කියන්න සිද්ධ වුණා.

ඒ නිසා විශේෂයෙන්ම ලංකාවෙ තියෙන ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ අනුදැනුම මත නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ජනාධිපතිට කොරෝන ගැන කතා කරද්දි කොරෝන වලට කිසිම සම්බන්ධයක් නැති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මතක් කරන්නේ ඒ නිසයි.
පැවැති රනිල් මෛත්‍රි ආණ්ඩුව කාලේ සාගල රත්නායක වරාය ඇමැතිවරයා (කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 95% කට වඩා හදලා තියෙද්දි, වරායෙ සියලුම සේවක සංගම් එම ජැටිය විකුණන්න එපා ආන්ඩුවේ අයිතියට තියාගන්න අපි මේකෙන් ලාභ අරං පෙන්නන්නං කියලා කියද්දී) ඒකෙ කලමනාකාරනය බදු දෙන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. ඒක තනිකරම ඉන්දියානු මැදිහත් වීමක් උනත් ජපාන සමාගමකුත් එයට සම්බන්ධ කරගෙන තිබෙනවා.

මොකද කොළඹ වරායේ දකුණු ජැටිය මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ චීනෙට දුන්නු නිසා , කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න ඒ වෙලාවේ හිටපු යූඑන්පී ආණ්ඩුව තීන්දු කළා.නමුත් ඊට පස්සේ සිද්ධ වෙච්ච දේශපාලන ගැටලු එක්කත්, සේවක විරෝධය නිසාත් , අත්සන් කරපු අවබෝධතා ගිවිසුම අවලංගු උනේ නැතත් පුද්ගලීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න හොඳින්ම බැරි වුණා.
දැන් කොරෝන නිසා ලංකාවේ ආර්ථිකය නට්ටම් වෙලා තියෙන වෙලාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ගන්න තියෙන හොඳම වෙලාව මේක කියල හිතෙනවා.
කොළඹ වරායේ මොන ජැටිය වික්කත් ඒක අපේ රටේ අනාගතය උගස් කිරීමක්.
එම්සීසී ගිවිසුම අහෝසි අහෝසි කරනවා ඇවිල්ලා තවමත් එක අහෝසි නොකරපු ගෝඨාභය රාජපක්ෂ පාලනය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම් අත්සන් කරෙ යූඑන්පිය ය කියන කතාව කියමින් මේක විකුණලා අවසන් කරන්නට ඉඩ තිබෙනවා.
මොකද යූඑන්පිය විකුනපු හම්බන්තොට වරාය නැවත ගන්නවා කියලා ආපු රාජපක්ෂලා ඒක නැවත චීනෙට ම අවුරුදු 99 කට දෙන්න පස්සේ කටයුතු කරපු නිසා.

ඒ නිසා කොරෝනා වලින් රට බේරා ගන්නවා වගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරගන්නත් ජනතාවට කටයුතු කරන්න වෙනවා.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. - බිමල් රත්නායක
මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. - බිමල් රත්නායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifUnt0Xrv3A3xzjsu72lFVyAcPc7D6xJ_-0ZMGo3qJYO6PJeX0eaLrjrYW6Ho_trMXqPTRa6PZRIwBtCmg_FC2BVJW0xCO44KglS0lZTxbDnIL4ugYTphNFysqsoSrXZXKtxrFYePUgkY/s320/bimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifUnt0Xrv3A3xzjsu72lFVyAcPc7D6xJ_-0ZMGo3qJYO6PJeX0eaLrjrYW6Ho_trMXqPTRa6PZRIwBtCmg_FC2BVJW0xCO44KglS0lZTxbDnIL4ugYTphNFysqsoSrXZXKtxrFYePUgkY/s72-c/bimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_455.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_455.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy