කොවිඩ් 19 න් රට යම් දුරකට යථා තත්ත්වයට පත් වෙමින් පවතින නිසා දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිෂන් සභාවේ යම් එකඟතාවකට පැමිණ ජූලි මස හෝ අගෝස්තු මු...
මේ වන විට මහජන නියෝජිත ආයතන සියල්ලක්ම අක්‍රිය වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණය නොකඩවා කල් දැමීම කාලෝචිත නොවේ.
ව්‍යවස්ථාවේ ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන බව අත්තනායක මහතා පවසයි.
පළාත් පාලන ආයතන මේ වන විට රැස්නොවන නිසාත් පළාත් සභා ද අක්‍රිය වී ඇති තත්ත්වයක පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති නිසා ජනාධිපතිවරයා හා භාරකාර ආණ්ඩුව රට පාලනය කිරීම භයානක තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අංශවල උපදෙස් සම්බන්ධයෙන් ඒ අනුව දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම යම් මතයකට පැමිණ ඡන්දය පැවැත්වීමට පක්ෂ ප්‍රචාරක කටයුතු, ඡන්ද දායකයන්ගේ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂාව සහ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ගැන පොදු එකඟතාවකට පැමිණිය යුතු වේ.
ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේම ගණන් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද සලකා බලන ලෙස ඔහු යෝජනා කළේය.
– aruna
COMMENTS