තමන් කිලෝවක් රුපියල් 50 බැගින් වී මිලදී ගත්තේ සහල් කිලෝවක් රුපියල් 98ට විකිණීම සඳහා රජයත් සමඟ පූර්ව එකඟතාවකට පැමිණ බවත් දැන් රජය විසින් රුප...
"දැන් ඔබතුමා මට කියන්නකො රුපියල් 50ට අරගෙන 90ට දෙන්න බැරි නම් මං මොකද කරන්නෙ ? දැන් මේ ප්රශ්නෙ ඉවර කරන්නම්, අපි අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි ඉල්ලන්නේ.
අපි රජයත් එක්ක එකඟවෙලා රුපියල් 98ට හාල් විකුණන්න තමයි අපි වී ගත්තේ. ඒක අරගෙන ඒ වී ටික ස්ටොක් කරලා, ඒකට පොළී වැටිලා අරවා මේවා ඔක්කොම කරලා කොස්ට් එක උඩට යද්දි ආණ්ඩුව 90 කරපුවාම මෝල වහලා හිරේ යනවා"
"මම ඒකට එකඟ වෙන්නෙ නෑ. රොෂාන් රණසිංහ කරන්නෙ ඡන්දෙ. ඒ මිනිහා මහවැලි ඇමති නම් වී අලෙවි මණ්ඩලය එයාගෙ යටතේ නම් තියෙන්නෙ ඒ මිනිහා පොලොන්නරුවෙ ඇමතියෙක් නම් ඔහුට ඔළුව තියෙනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනෙ හාල් මිල වැඩි කරන්න.
ඌ මේ හාල් මිල අඩු කරපුවාම වී මිල අඩුවෙනවා කියන එක වී අලෙවි මණ්ඩලය බාර ඇමතියා දන්නෙ නෑ. ඒවාගේ හරක් දේශපාලනයක් මේක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා හමුදා ආරක්ෂකයින් පිරිසක් ද පිරිවරාගෙන අරලිය සහල් මෝලේ සහල් තොග පරීක්ෂා කිරීම සඳහා ඊයේ (23) පැමිණි අවස්ථාවේදීය.
COMMENTS