උතුරේ දේශපාලන වටපිටාව පිළිබදව හැට වසරක අත්දැකීම් වලට අනුව උතුරේ මීළග ප්‍රධාන අමාත්‍යධූරය හිමි වන්නේද තමන්ටම බව සී.වී.විග්නේස්වරන් උතුරු පළ...
උතුරේ දේශපාලන වටපිටාව පිළිබදව හැට වසරක අත්දැකීම් වලට අනුව උතුරේ මීළග ප්‍රධාන අමාත්‍යධූරය හිමි වන්නේද තමන්ටම බව සී.වී.විග්නේස්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේදී පැවසීය.
විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ කන්දාර්මඩම් ප්‍රදේශයේදී 31 දා පැවති දෙමළ ජනතා සභා රැස්වීම අමතමින් මෙසේ පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා දේශපාලන වශයෙන් විවිධ මතිමතාන්තර කාලයෙන් කාලයට ජන සමාජයට පැමිණෙන නමුත් ඒවා මතිමතාන්තර මිස ස්ථිර අදහස් හෝ නිගමන නොවන බවද කියා සිටියේය.
දෙමළ ජනතාවගේ නායකත්වයක් බාරගෙන ඔවුන් වෙණුවෙන් පෙනී සිටින මෙන් බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීමක් ඇති නිසා තමන් ඒ ගැන සිතන බවද මේ රැස්වීමට සහභාගී වී සිටින පිරිසද ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කොට ඉදිරි කාලයේදී යම් පිළිතුරක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරණ බවද විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරද්දී රැස්වීමට සහභාගී වී සිටි පිරිස අත්පොළසන් දුන්හ.
2009 වසරේදී දෙමළ ජාතික සන්ධානය ජනතාව වෙණුවෙන් යැයි කියා ගන්නා ලද බොහෝ තීන්දු තීරණ මේ වන විට ජනතාව මධ්‍යයේ පරාජය වී ඇති නිසා අලුතින් පක්ෂයක් පිහිටුවීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
දෙමළ ජනතාවගේ නායකත්වයක් බාරගෙන ඔවුන් වෙණුවෙන් පෙනී සිටින මෙන් බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීමක් ඇති නිසා තමන් ඒ ගැන සිතන බවද මේ රැස්වීමට සහභාගී වී සිටින පිරිසද ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කොට ඉදිරි කාලයේදී යම් පිළිතුරක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරණ බවද විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරද්දී රැස්වීමට සහභාගී වී සිටි පිරිස අත්පොළසන් දුන්හ.
දෙමළ ජනතා සභාව දේශපාලන පක්ෂයක් බවට පරිවර්ථනය කර ගැනීමෙන් දෙමළ ජනතාවට විශාල වඩ කොටසක් සිදු කළ හැකි බව කී ප්‍රධාන අමාත්‍යවරයා 2013 වසරේදී උතුරට ලැබුණු පළාත් සභා ක්‍රමයෙන්ද දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාව අපේක්ෂා කළ දේ ලබාදීමට නොහැකි වූ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ විග්නේස්වරන් මහතා කියා සිටියේ ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට සූදානම් විය හැකි අන්දමේ දේශපාලන පරිසරයක් උතුරු පළාත් තුළ නිර්මානය කළ යුතු බවයි.
මේ සදහා කාරණා දාහතරකින් යුත් කාර්ය ව්‍යුහයක් දෙමළ ජනතා සභාව විසින් සකසා ඇති බව කී ප්‍රධාන අමාත්‍යවරයා මුලින්ම සිදුවිය යුතුව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන අන්දමේ දේශපාලන විසදුමක් සදහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතු බවයි.
මේ කාරණාවේදී රජය ඉතා උදාසීන තත්ත්වයක් පෙන්නුම් කරමින් කටයුතු කරණ බවින් එහි යම් වර්ධනයක් හෝ සීඝ්‍රතාවයක් ලබා ගැනීම සදහා අනතර් ජාතික ප්‍රජාව හරහා රජයට බලපෑම් කළ යුතු බවද ඔහු පැවසීය.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් මේ වන විට සියළුදෙනාටම අමතක වී ඇති බැවින් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමට සිදු කෙරෙන බලපෑම්ද වැඩි කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයාගේ යෝජනා දාහතරට ඇතුලත් වී තිබේ.
යුද අපරාධ වලට සම්බන්ද සියළුම දෙනාට දඩුවම් ලබා දිය හැකි අන්දමේ විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම අනිවාර්ය කරුණක් විය යුතු බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා දකුණේ නඩු ඇසීමට රජය විශේෂ අධිකරණ පිහිටුවන්නා සේම මේ කාරණයටත් උනන්දු කරවා ගත යුතුව ඇතැයිද කියා සිටියේය.
රජය උතුරේ සිංහල බෞද්ධ ජනතාව නොමැති පළාත්වල බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිකරමින් සිංහල ජනාවාස ඇති කරණු ලබන්නේ දේශපාලනමය වශයෙන් ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කරගැනීමට බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජනතාව ඊට එරෙහිව යමින් දෙමළ ජාතිකත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරැද්දක් නොමැති බවද පවසා සිටියේය.
කුමන අන්දමක මැතිවරණයක් ඉදිරියේදී ජනතාව තුළට පැමිණියත් උතුරේ එකම සටන් පාඨ විය යුත්තේ පැරණි වුවත් මේ කාරණා යැයි විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරයි.
මේ කාරණා ඉදිරියට ගෙන යාම සදහා දෙමළ ජනතා සභාව තව තවත් උත්සුකව කටයුතු කළ යුතුව ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පවසමින් දෙමළ ජනතා සභාව විසින් සකස් කරණ ලද යෝජනාවලිය පැය එකහමාරක් තිස්සේ විග්‍රහ කළේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS