එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂග්‍රාහී අන්දමට ප්‍රකාශන නිකුත් කරමින් වවුනියාවේදී විරෝධතා කීපයක්ම සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්...
එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂග්‍රාහී අන්දමට ප්‍රකාශන නිකුත් කරමින් වවුනියාවේදී විරෝධතා කීපයක්ම සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට වවුනියා දිස්ත්‍රික් ජනතා සංවිධානයේ සභාපති වරයාට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය වෙත පැමිණෙන ලෙස නියෝග කොට තිබේ.
එම සංගමයේ සභාපති ගෝපාලක්‍රිෂ්ණන් රාජ්කුමාර් නැමති අයට ලබන 6 වෙනිදා කොළඹ පිහිටි පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට පැමිණ එම ප්‍රකාශය ලබා දෙන මෙන් වූ නියෝගය වවුනියාව පොලීසිය හරහා සභාපතිවරයාට ලිඛිතව දැණුම් දී තිබේ.
වවුනියා දිස්ත්‍රික් ජනතා සංවිධානයේ සභාපතිවරයා යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සොයා දෙන ලෙස රජයට බලකරමින්ද,දෙමළ දේශපලන සිරකරුවන් නිදහස් කරණ ලෙසද ඉල්ලමින් වවුනියාවේ විරෝධතා දියත් කළ අතර පසුගිය කාලයේ වවුනියාව නගරයේ හර්තාල සංවිධානය කොට ඇත්තේද මොහු විසිනි.
(දිනසේන රතුගමගේ)
COMMENTS