දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
’’CASA’’ ශ්‍රී ලංකාව Covid 19 පුරයක් කිරීමට ගිය හැටි - නිශ්ශංක සේනාධිපති හෙළිකරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

’’CASA’’ ශ්‍රී ලංකාව Covid 19 පුරයක් කිරීමට ගිය හැටි - නිශ්ශංක සේනාධිපති හෙළිකරයි (VIDEO)

PropellerAds

Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි සිදුකරගෙන ගිය කටයුතු සියල්ලම පාහේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකිරීමට මේ වන විට සිදුව...

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්
රන් කහවණු ගෙනෙන වරාය විකුණන්න හදන්න එපා! (VIDEO)
කෝටි 300ක් අයිස් හා හෙරොයින් තොගයක් අත්අඩංගුවට….
Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි සිදුකරගෙන ගිය කටයුතු සියල්ලම පාහේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකිරීමට මේ වන විට සිදුව තිබේ. එය එක් අයෙකුට හෝ දෙතුන් දෙනෙකුට සීමා නොවන අතර සමස්තයක් ලෙස මේ වන විට ගෝලීය වශයෙන් එම සුරක්ෂිතභාවය ආරක්ෂා කරගත යුතු තැනට පත්ව තිබේ.
ලොව ප්‍රබලයින් Covid 19 වසංගතය හමුවේ දණ ගසා ඇති මොහොතක ශ්‍රී ලංකාව දැන් හිස ඔසවා ගෙන සිටින්නේ සියලු සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව එය පැතිරීම පාලනය කරගෙන තිබෙන නිසාය. ඒ නිසාවෙන්ම නැවතත් ජනතාව සිය සුපුරුදු ජීවිතයට අන්තර්ග්‍රහණය වෙමින් සිටියි.

එවන් සුභදායී පසුබිමක ඩොලර්වලට ගිජුකමින් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට ගසා මෙය Covid 19 පුරවරයක් කිරීමට ගිය කාරණයක් ගැන මේ වන විට ආනාවරණය වී තිබේ.

මෙය ප්‍රස්තුත වන්නේ සී මෂල්වරුන් හා නාවික කාර්ය මණ්ඩල හුවමාරුව අරඹයාය.  නැව් ඒජන්තවරුන්ගේ ශ්‍රී ලංකා සංගමය හෙවත් "CASA" ආයතනය විසින් පවත්වාගෙන ගිය එම කර්තව්‍ය මේ වන විට රක්නා ලංකා ආරක්ෂක සමාගම හා ඇවන්ගාර්ඩ් සමගම රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කරගෙන යන අතර ප්‍රශ්න ආරම්භ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ  මහ මැතිවරණ අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා කළ කරුණු දැක්වීමත් සමඟය.

ඔහු කරුණු දක්වමින් පවසන්නේ නීත්‍යානුකූල නොවන පරිදි දේශපාලන මැදිහත්වීම හරහා ඇවන් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුව ලබා ගෙන ඇති බවයි.

 ඒ අනුව එම ක්‍රියාවලිය තුළ සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳ ඇවන් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් කරුණු අනාවරණ කර සිටියි.

මීට මාසයක පමණ කාලයට පෙර හදිසි අවශ්‍යතාව මත ඉතාලියේ සිට පැමිණි නැවක රෝගියෙක් මාරු කිරීමේ අවස්ථාව අන්තර්ජාතික නීතියට අනුව ශ්‍රී ලංකාව විසින් ලබා දී තිබූ අතර එය CASA ආයතනය විසින් කර තිබුණි.  එම කටයුත්ත  සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් ඇතිව සහ කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ  අවසරය මත සිදුවන්නකි.

නිශ්ශංක සේනාධිපති මහතා පවසන පරිදි CASA ආයතනය විසින් සපයන සේවාවේ දුර්වලතාව සහ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවන්නේ එම ආරම්භයේ පටන්මය.

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් පවතින මොහොතක සෞඛ්‍ය උපදෙස් අංක එකට ගෙන ක්‍රියා කළ යුතු වෙයි. එහෙත් දැන් අනාවරණ වී තිබෙන්නේ CASA  ආයතනය ඒ කිසිවක් මායිම් නොකර ඇති තත්ත්වයක් පිළිබඳවය.

වෙනත් රටක සිට පැමිණෙන එම තැනැත්තන් නිරෝධායන නීති අනුව PCR පරීක්ෂණ සිදුකර නැවත යන තුරු ඔවුන් හුදෙකලා මධ්‍යස්ථානය රඳවා තැබිය යුතු වුවත් CASA ආයතනය මුදල් ඉපයීමේ අරමුණින් හා ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන අයුරින් හැසිරී ඇති බවයි සේනාධිපති මහතා සාක්ෂි සහිතව පෙන්වාදෙන්නේ.

සරළවම කියන්නේ නම් හුදෙකලා මධ්‍යස්ථානයක එක් කාමරයක උපරිම සීමාව දෙදෙනෙකු වුවත් CASA එය 12ක් දක්වා වැඩි කර තිබේ. එතනම මේ මොහොතේ අත්‍යාවශ්‍යව පවතින දුරස්ථකරණ  නීතිය උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම CASA වෙතින් සේවය ලබා ගත් නාවිකයන් දෙදෙනෙකුම අසනීප වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන නමුත් ඔවුන් අධීක්ෂණය සිදුකරන නාවික හමුදාවට හෝ ඒ බව දැනුම දීමට CASA කටයුතු කර නොතිබුණි.

දෙවෙනි කොවිඩ් රැල්ල ඇති වීමේ 200%ක ඉඩක්

එම පැහැර හැරීම තුළ රෝගීන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය  වී තිබුණේ නම් රට තුළ දෙවෙනි කොවිඩ් 19 රැල්ල මතු වීමට 200%ක් ඉඩ තිබුණු බවයි සේනාධිපති මහතා පවසන්නේ. එහෙත් රටේ වාසනාවකට එය එසේ සිදු නොවුණු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

 සේවාව සැපයීම සඳහා රක්නා ලංකා ආරක්ෂක ලංකා ආයතනය සමඟ එකාබද්ධව ඇවන් ගාර්ඩ් සමගම යොමු වන විට මේ පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවති සාකච්ජාවේදී සේනාධිපති මහතා CASA ආයතන විසින් සිදු කර තිබෙන අක්‍රමිකතා අනාවරණ කර තිබේ.

නැ වක ආරක්ෂාවට සිටින සී මාෂල්වරු සම්බන්ධයෙන් CASA  විසින් අනුගමානය කර තිබූ  අවාසනාවන්ත තත්ත්වය මැදම නාවික කාර්ය මණ්ඩල හුවමරුව සඳහාද යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

"මේක ලෝකේ ප්‍රධාන අවශ්‍යතාවක් වෙලා තිබුණේ. කිසිම රටකින් කොවිඩ් 19 වසංගතය නිසා පුද්ගලයන් මාරු කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලංකාවට ලබා ගැනීම සඳහාත් විදේශ විනිමය ලංකාවට උපාය ගැනීම සඳහාත් සෞඛ්‍ය නීති වලට පටහැනිව නොයා මේක කරන්න යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. අපටත් දැනුම් දුන්න මේ ගැන අධ්‍යයනය කරන්න කියලා. මෙය ඉතාම සංකීර්ණ සහ භාරදුර කටයුත්තක්. මොකද ෂි මාෂල්වරු වගේ නොවෙයි නැවේ කාර්ය මණ්ඩල ගුවනින් ඇවිල්ලා එයාර්  පොර්ට් එකෙන් බැහැලා හුදෙකලා මධ්‍යස්ථානයකට යොමුකරන්න ඕනේ නැවකට යන්න පෙර. ඒ සමස්ත  ක්‍රියාවලියම සංකීර්ණයි වගේම දැඩි වගකීමක්.  එයාර් පොර්ට් එකේදිම ඔවුන්ගේ PCR ටෙස්ට් කරනවා, සී මාෂල්වරු කරන්නේ නැවකින් බැහැල අනිත් පැත්තට නැවකට නගින එක. මේ  වෙනුවෙන් අපි දවස් 10ක් විතර වෙහෙසිලා යෝජනාවක් හැදුවා. ඒ ගැන දැනගන්න ඕන නිසා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, පවිත්‍රා ඇමතිතුමිය, අද්මිරාල් කොළඹගේ සමඟ අපි රැස්වීමක් පවත්වල ඔවුන් එක්ක සාකච්ජා කරලා පැහැදිලි අවබෝධයක් ගතතා.  එතනදිත් අපි CASA එකේ වැඩගැන කිව්වා."

මෙම CASA ආයතනයේ වගකීම් විරහිතභාවය සම්බන්ධයෙන් සේනාධිපති මහතා වීඩියෝ පටයක් මෙන්ම එම ආයතනය අතර හුවමාරු වූ ඊමේල් පණිවුඩ සාක්ෂි ලෙසද ඉදිරිපත් කරන ලදී.

ලොව ප්‍රබල නැව් සමාගම් හමුවේ ශ්‍රී ලංකාව කොතරම්  හෑල්ලුවට ලක් වීද යත් CASA ආයතනයේ  කොවිඩ් 19 වසංගතයක් හමුවේ සමාව දිය නොහැකි අපරාධමය වරදවල් මාසයක පමණ කාලයක් තිස්සේ නිවැරදි කරගැනීමට එකී සමාගම් උත්සහ කර තිබුණද මෙරට CASA ආයතනය සිය අසමත්කම එම ඊමේල් පණිවුඩ හරහාම ඔප්පු කර තිබේ.

නාවික කාර්ය  මණ්ඩල හුවමාරුවට අදාළ ඇවන් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ සම්පූර්ණ හෙළිදරව්ව  

 



අවසානයේදී දෙපාර්ශවයම යෝජනා ඉදිරිපත් කර තිබුණු නමුත් මෙම සේවාවේ වගකීම භාර ගැනීම යන කාරණයේදී CASA  ආයතනය ඊට සෘජු ලෙස පෙනී සිටීමට අපොහොසත් වුණු අතර තමන් පැවසුවේ අදාළ මෙහෙයුම් කටයුතු රාජ්‍ය අංශයේ පාර්ශවයක් ලෙස රක්නා ආරක්ෂක ලංකා ආයතනය විසින් සිදුකරන අතර පරිපාලන කටයුතු ඇවන් ගාර්ඩ් ආයතනය විසින් සිදුකරන බව යැයි සේනාධිපති මහතා වගවීම සම්බන්ධයෙන් වගකීම භාර ගෙන ඇත.

එහෙත් එතෙක් කාලයක් CASA ආයතනය විසින් ජනාධිපතිවරයාවත් , සෞඛ්‍ය බලධාරීන්වත් රවටා කොවිඩ් අවදානම මැද ව්‍යපාරය තර කර ගැනීමට දැරූ උත්සාහය රට වෙනුවෙන් තමන් හෙළිදරව් කර තිබෙන බවයි සේනාධිපති මහතා සඳහන් කරන්නේ.

එහෙත් මෙම ඇතත් තත්ත්වය වසන්ත සමරසිංහලාට නොපෙනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව  නිශ්ශංක සේනාධිපති මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ’’CASA’’ ශ්‍රී ලංකාව Covid 19 පුරයක් කිරීමට ගිය හැටි - නිශ්ශංක සේනාධිපති හෙළිකරයි (VIDEO)
’’CASA’’ ශ්‍රී ලංකාව Covid 19 පුරයක් කිරීමට ගිය හැටි - නිශ්ශංක සේනාධිපති හෙළිකරයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrAgjLGMbhQ1muZwA7oy4j1AnyH5LXlsN-l6EehHHAQ4sMBmKOty9HA89CkbHqIhc0KaGU69d2PioLH-gOzVtHZRkqCeU9JpguT8FYq-qENcZikD10jSlagegPoM_VvbwuLDNHq8W7STA/s320/casa-senadhipathi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrAgjLGMbhQ1muZwA7oy4j1AnyH5LXlsN-l6EehHHAQ4sMBmKOty9HA89CkbHqIhc0KaGU69d2PioLH-gOzVtHZRkqCeU9JpguT8FYq-qENcZikD10jSlagegPoM_VvbwuLDNHq8W7STA/s72-c/casa-senadhipathi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/casa-covid-19-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/casa-covid-19-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy