දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''
Homeප්‍රවෘත්ති

මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''

PropellerAds

පොලුවලින් පහර දීමෙන් බන්ධනාගාර නිලධාරින් විසින් තරුණ රැඳවියකු මරා දමන ලද බව ප්‍රහාරය සියැසින් දුටු සාක්ෂිකරුවකු විවෘත අධිකරණය හමුවේ දී ඇති ...

සෞඛ්‍ය අමාත්‍යංශය අදාල බටහිර වෛද්‍ය විද්‍යාවටයි.. අනෙක් ක‍්‍රම මිත්‍යාවන්, අවිද්‍යාවයි.. ඒවා පසුපස යාම නවතනු
කෑගල්ලේ කොරෝනා ඖෂධයට අතිරේක ආහාරයක් ලෙස හෝ අනුමැතිය දී නෑ.. ජනතාවට භාවිතයට අවසර දී නෑ - ආයුර්වේද කොමසාරිස්
2021දී ශ්‍රී ලංකාව හිගමනට වටෙයිද?
පොලුවලින් පහර දීමෙන් බන්ධනාගාර නිලධාරින් විසින් තරුණ රැඳවියකු මරා දමන ලද බව ප්‍රහාරය සියැසින් දුටු සාක්ෂිකරුවකු විවෘත අධිකරණය හමුවේ දී ඇති සාක්ෂියකින් හෙළිදරවු වී තිබේ.

බන්ධනාගාර නිලධාරීන් ප්‍රසිද්ධ කර ඇත්තේ 25 හැවිරිදි රැඳවියා දෙමාසයකට ඉහතදී මියගියේ මහර සිරගෙදර කළහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සාහ දැරීමේදී බවයි.

පසුගිය සිකුරාදා (19) දින, වත්තල මහේස්ත්‍රාත්, බුද්ධික සී රාගල හමුවේ සාක්ෂි දෙමින් මහර බන්ධනාගාරයේ රඳවා සිටි වෙනත් රැඳවියෙකු විසින් පවසා තිබෙන්නේ මියගිය කාවින්ද ඉසුරු තිසේරාට මහර බන්ධනාගරයේ ජේලර්වරුන් කිහිප දෙනකු විසින් "තේ පොල්ල" නමින් හඳුන්වන දිගු පොලුවලින් පහර දෙනු තමන් දුටු බවත්, එම පහර දීමෙන් පසුව ඔහු මිය ගිය බවත් ය.

පොලිසියේදීත් වධහිංසා:

පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලද උතුරු කොළඹ (රාගම) මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන්ට මෙන්ම කාවින්දගේ මව්පියන් හටද මෙයට පෙර බන්ධනාගාර නිලධාරින් විසින් පවසා තිබුණේ කාවින්ද මියගියේ මහර බන්ධනාගාරයේ තාප්පයකින් පැන යාමට උත්සහ දැරීමේදි එයින් ඇද වැටීමෙන් බවයි.

එහෙත් කාවින්දගේ මව පවසන්නේ තම පුතු බන්ධනාගරයේ දි කළහකාරිව හැසීරි උස් තාප්පයකින් පැන යාමට උත්සහ දරා ඇතැයි පැවසීම තමන්ට විශ්වාස කළ නොහැකි බව ය.

"පුතාගේ මරණ පරික්ෂණයට රාගම ඉස්පිරිතාලේට අපි ගියාම දොස්තර නෝනා කෙනෙක් අපිට කිවුවා පුතා දවස් තුනක් නිරාහාරව ඉඳලා තියෙනවා කියලා. ඒ දොස්තර නෝනාම අපිත් එක්ක කිවුවා පුතාගේ ආමාශය හිස්ව තිබුණේ, එහෙම බඩගින්නේ හිටපු කෙනෙක් අඩි 20 ක් විතර උස තාප්පයකට නැග්ගා කියලා කියන එක පිළිගන්න අමාරුයි කියලා," යි කාවින්දගේ මව වන ආර්.එම් කරුණාවති © JDS හා පැවසුවාය.

කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මියගිය කාවින්ද තිසේරා රාගම පොලිසිය විසින් අප්‍රේල් 25 දින සැකපිට අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ එයින් දින තුනකට පසුව, එනම් අප්‍රේල් 28 දින ය. එම දින තුන තුළදි ඔහු පොලිසියේ රඳවාගෙන සිටිමින් වධ හිංසා පමුණුවා ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණු බවද කාවින්දගේ මව කියා සිටී.

"පුතාව බලන්න 26 දා මම රාගම පොලිසියට ගිහින් එයාට ඇඳගන්න ඇඳුමක් දුන්නාම එයා ඒක අරන් ඇඳගත්තේ හරිම අමාරුවෙන්. ටික වෙලාවකින් පොලිසියේ අය, 'වරෙන් ගමනක් යන්න' තියෙනවා කියලා පුතාව ජීප් එකකට දාගෙන අරන් ගියා. ඒ වෙලාවේ පුතා ඇවිද්දේ එක කකුලක් කොරගගහා අනෙක් කකුලේ ඇඟිලිවලින්. පුතාව අරන් ගියාම, පුතා එක්ක කූඩුවේ හිටපු කෙනෙක් මට කිවුවා 'අම්මා පොලිසියේ අය එයාට හොඳටම ගැහුවා' කියලා. ඊට පස්සේ මම පුතාව පණ පිටින් දැක්කේ නෑ." යි ඇය හඬමින් කියා සිටියාය.

සාක්කි යට ගැසීමේ තැතක් !

මහර බන්ධනාගරයේ නිලධාරින් විසින් කාවින්දට පහරදී මරා දැමීමෙන් අනතුරුව එය ඇසින් දුටු බව පවසන රැඳවියා පොලොන්නරුව බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට බලධාරින් විසින් කටයුතු කොට තිබේ.

මියගිය කාවින්දගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නීතිඥ සේනක පෙරේරා පවසන්නේ එම රැඳවියා වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට බලධාරින් ක්‍රියා කොට තිබෙන්නේ මෙම අපරාධය යටපත් කිරීමේ අරමුණින්ම බවයි.

ඔහු පවසන පරිදි සත්‍ය තොරතුරු හෙළිදරව් වීම වැලක්වීමට බලධාරීන් දරන උත්සාහය පසුබැස්වීමට අධිකරණයේ සරණ පතා යාමට සිදුවී තිබේ.

"කාවින්දට මහර බන්ධනාගාරයේ නිලධාරින් පොලුවලින් ගහනවා දැක්ක රැඳවියාගෙන් ඒ සම්බන්ධව දිවුරුම් පෙත්සමක් ලබා ගන්න මම පොලොන්නරුව බන්ධනාගාරයට ගියාම ඒ බන්ධනාගාරයේ නිලධාරින් මට කිවුවා ඉහළින් ඕඩරයක් ඇවිත් තියෙනවා ඒ නිසා දිවුරුම් පෙත්සමක් ගන්න ඒ රැඳවියාව හමුවෙන්න ඉඩ දෙන්න බැහැ කියලා,”යැයි නීතිඥ සේනක පෙරේරා © JDS  හා පැවසීය.

“පස්සේ මම මේ සම්බන්ධව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරලා තමයි ඇසින් දුටු රැඳවියාගෙන් ප්‍රකාශයක් ගන්න කටයුතු යෙදුවේ. ඔහු වත්තල මහේස්ත්‍රාත්තුමාට දුන්න ප්‍රකාශයේ දි ඉතා පැහැදිලිවම කියනවා නිලධාරින් කාවින්දට පොලුවලින් පහර දී මරා දමනවා තමන් දුටු බවට. ඒ සාක්ෂියේ තියෙන වැදගත්කම නිසාම මහේස්ත්‍රාත්තුමා නියෝග කෙරුවා සාක්ෂිකාර රැඳවියාට සියළු ආරක්ෂාව සපයන ලෙස."

ජීවිත ආරක්ෂාව සහ ඉදිරි නෛතික කටයුතු වලට ඇතිවිය හැකි බාධාවන් හේතුවෙන් එම අපරාධය සියැසින් දුටු රැඳවියාගේ නම අනාවරණය කිරීමෙන් © JDS වැළකී සිටියි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කාවින්දගේ මව සහ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබු අතර,එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ තාක් කිසිදු ප්‍රතිචාරයක් මානව හිමිකම් කොමිසමෙන් තමන් වෙත ලැබි නොමැති බවද ඔවුහු පවසති.

(කිත්සිරි විජේසිංහ විසිනි -jdslanka.org)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''
මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSNuv0MWOHW24nzx0M2-85TfCvizTZIDF5RSH3TnrS5u7VeUR4Xo8Aky261hS73r9szA4p78Mm65KKOJkykuiZKHWlKfROIIqWRQzS0_D-MtTD_QZ7p3qY7JWhyphenhyphenRmm4HKrF12Z8cLHVBs/s320/Mahara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSNuv0MWOHW24nzx0M2-85TfCvizTZIDF5RSH3TnrS5u7VeUR4Xo8Aky261hS73r9szA4p78Mm65KKOJkykuiZKHWlKfROIIqWRQzS0_D-MtTD_QZ7p3qY7JWhyphenhyphenRmm4HKrF12Z8cLHVBs/s72-c/Mahara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_795.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_795.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy