දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ජනාධිපති, ගහපු අත්සන් විසිඑක්දාහ සිංගප්පූරු ජනාධිපති තවම කියවනවා ඇති - පී. හැරිසන්
Homeප්‍රවෘත්ති

හිටපු ජනාධිපති, ගහපු අත්සන් විසිඑක්දාහ සිංගප්පූරු ජනාධිපති තවම කියවනවා ඇති - පී. හැරිසන්

PropellerAds

මහ බැංකු වංචාවේ ප‍්‍රධාන සැකකරු, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරු...

සජිත් ජනපතිවරණයට ජනපති මෛත‍්‍රිගේ සහාය ඉල්ලයි..
ජනපතිවරණය සමඟ කප්පම් කල්ලිවල රැගුම් වර්ධනය වෙලා
ලකුණ ගැන ප‍්‍රශ්ණය විසදෙයි… ශ‍්‍රිලනිල-පොහොට්ටු සාකච්චා මේ සතියේ අවසන් !
මහ බැංකු වංචාවේ ප‍්‍රධාන සැකකරු, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරු ජනාධිපතිවරයා වෙත යැවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිකුත් කළ පිටු විසි එක් දහසක්, පිටුවෙන් පිටුවට අත්සන් කිරීමට සිදුවීමෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඇඟිලිවල කරගැට මතුවීම පිළිබඳ තමා කනගාටුවට පත්වන බව අනුරාධපුර හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. හැරිසන් මහතා පැවසීය.


පෙරේදා (02 දා) අනුරාධපුරදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා තම දෑත්වල කරගැට මතුවන තුරු අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට කැඳවා ගැනීමට යැවූ ලිපියට අත්සන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, කළ යුතුව තිබුණේ රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් ලිපි හුවමාරු කර ගනිමින් අවශ්‍ය නීත්‍යනුකූල කටයුත්ත කර ගැනීම පමණක් බවත් මන්ත‍්‍රීවරයා කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රී පී. හැරිසන් මහතා,

හිටපු ජනාධිපතිවරයා කියන විදිහට එතුමා විසින් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අත්සන් විසි එක් දහසක් ගැහුවා නම් සිංගප්පූරු ජනාධිපතිවරයාට තිබෙන වැඩ කන්දරාවත් සමග එතුමාට එය කියවන්න වෙලාවක් නැතිව ඇති. ඒ වගේම සිංගප්පූරු ජනාධිපතිවරයා ඒ පිටු විසි එක් දාහ තවමත් කියවනවා ඇති.

දෙරටේ තානාපතිවරුන් හරහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් අපේ හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් යැවීමට ක‍්‍රියා කළා නම් අර්ජුන් මහේන්ද්‍රන්ව මේ වනවිටත් ගෙන්වා ගැනීමට හැකිව තිබුණා. එහෙම වුණා නම් හිටපු ජනාධිපතිවරයාට ඔච්චර වද වේදනා විඳින්න උවමනාවක් නෑ. මහ බැංකු වංචා වාර්තාවේ ඇතුළත් පිටු විසි එක් දහසම අත්සන් කිරීමට අවශ්‍යද කියා මම දන්නෙ නෑ. එහෙම නැති නම් අපේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ සිංගප්පූරුවේ ජනාධිපතිවරයා අතර පිළිගැනීමක් නැතිව ඇති.

ඒ වගේම ලෝකයේ ජනාධිපති කෙනෙක් මේ විදිහේ රාජ්‍ය තාන්ත‍්‍රික ලිපි ගනුදෙනුවක් සිදු කළ බවට ලෝකයේ පළමු වතාවටයි මම ඇහුවේ. ලෝකයේ ජනාධිපතිවරු එක පුද්ගලයකු තම රටට ගෙන්වා ගැනීමට අත්සන් විසි එක් දාහක් ගහනවා නම් තව හත් අට දෙනෙක් රටට ගෙන්වා ගැනීමට නම් අත්සන් කෝටි ගණනක් ගහන්න වෙයි.

ඒ නිසා මේ විහිළු කතා අවශ්‍ය නෑ. රටේ ජනාධිපතිවරයා හැටියට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කළා නම් අර්ජුන් මහේන්ද්‍රන්ව බොහොම ලෙහෙසියෙන් ගෙන්වා ගැනීමට තිබුණා. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා උනන්දු වුණාද කියන එකයි මට තියෙන ප‍්‍රශ්නය.

එතුමාගේ ප‍්‍රකාශය ලෝකෙටම ප‍්‍රචාරය වුණොත් එතුමාගේ රාජ්‍ය තාන්ත‍්‍රික භාවය සම්බන්ධයෙන් අනික් රාජ්‍ය නායකයින් තුළ ප‍්‍රශ්නයක් ඇති විය හැකියි. මේ අයුරින් රාජ්‍ය තාන්ත‍්‍රික ලිපි යවන බව මම කිසිදාක අහලා නෑ. කොහොම හරි වත්මන් ජනාධිපතිවරයා හෝ රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කර අවශ්‍ය පුද්ගලයෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ජනාධිපති, ගහපු අත්සන් විසිඑක්දාහ සිංගප්පූරු ජනාධිපති තවම කියවනවා ඇති - පී. හැරිසන්
හිටපු ජනාධිපති, ගහපු අත්සන් විසිඑක්දාහ සිංගප්පූරු ජනාධිපති තවම කියවනවා ඇති - පී. හැරිසන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVFiOUWuvlAN69x2aq11YJdHjzcOdCpupIh1KIHmQ6ECGjdaVzVph2nPtsezYEgp46x_ONqV5r4EUJVZIxPtkUV0UvUTU9G774yTW-5iK3zUNiduRuukuRlXMpWcXL-4QeQfBpV_5xwsQ/s320/P-HARISAN.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVFiOUWuvlAN69x2aq11YJdHjzcOdCpupIh1KIHmQ6ECGjdaVzVph2nPtsezYEgp46x_ONqV5r4EUJVZIxPtkUV0UvUTU9G774yTW-5iK3zUNiduRuukuRlXMpWcXL-4QeQfBpV_5xwsQ/s72-c/P-HARISAN.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy