ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග කඩුවෙල, හංවැල්ල, අතුරුගිරිය ඇතුළු කොළඹ කේන්ද්‍ර කරගත් පාතාලයේ කප්පම් රැල්ලක් නිසා එම ප්‍රදේශවල ව්‍යා...
රුපියන් පනස්දහසේ සිට ලක්ෂ තිහ, හතළිහ, ලක්ෂ හැත්තෑව දක්වා මෙම ප්‍රදේශවල ව්‍යාපාරිකයන් දැනටමත් කප්පම් ගෙවා ඇතැයි ද අනාවරණය වේ.
අංගොඩ ලොක්කා, ඌරු ජුවා, කන්ජිපානි ඉම්රාන්, මාකඳුරේ මධුෂ්ගේ නම් කියමින් බන්ධනාගාරවල සිට මෙම කප්පම් රැල්ල මෙහෙයවන බවද හෙළි වී ඇත. පාතාලයේ සාමාජිකයන් විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් සිරගතව සිටින තම සාමාජිකයන් නිදහස් කිරීමට මෙලෙස කප්පම් ඉල්ලන්නට පටන්ගෙන ඇත.
පොලිසියට දැන්වුවහොත් මරාදමන බවට දරුවන් පැහැර ගන්නා බවට තර්ජනය කරමින් මෙම කප්පම් රැල්ල ක්‍රියාත්මක වන බවත්, පාතාලයට බියෙන් එම මුදල් ගෙවා නිශ්ශබ්දව සිටින්නට ව්‍යාපාරිකයන්ට සිදු වී ඇති බවත් පැවසේ.
පොලිසිය පිළිබඳ ඇති විශ්වාසය බිඳී යාම නිසා මේ සම්බන්ධ නිර්නාමික ඇමතුම් පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබෙමින් පවතින බවද තහවුරු විය.
කඩුවෙල, හංවැල්ල ප්‍රදේශවල සෑම නිවසකටම කතා කර කප්පම් ගන්නා රැල්ලක් හිරගෙදර සිට ක්‍රියාත්මක වන බව මේ වන විට හෙළිකරගෙන තිබේ.
(රිවිර)
COMMENTS