දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය දීර්ඝ නොකිරීමට නියෝග කරයි
Homeප්‍රවෘත්ති

අගමැති රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය දීර්ඝ නොකිරීමට නියෝග කරයි

PropellerAds

බරපතළ දූෂණ චෝදනා එල්ලවී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. මෙම ටෙන්ඩර...

"කොමියුනිස්ට් රටක් හැර ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාව" - මරික්කාර්
කොන්දොස්තරට පහර දුන් මන්ත්‍රී සහ බිරිඳ යළි රිමාන්ඩ්
රනිල්ගේ “ආර්ථික කමිටුව“ මෛත්‍රී අහෝසි කරයි - මෛත්‍රීගේ නියෝග නොකතා රනිල්ගේ කමිටුව යළිත් රැස්වෙලා
බරපතළ දූෂණ චෝදනා එල්ලවී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
මෙම ටෙන්ඩරය තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කිරීමට අදාළ ගිවිසුමකට අද (29) සවස අත්සන් තැබීමට නියමිතව තිබූ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි එය නවතා තිබේ.

මේ මගින් වාර්ෂිකව රුපියල් මිලියන 1850 කට වැඩි මුදලක් දකුණු අප්‍රිකානු සමාගමකට ලබාදෙන බව විගණන පරීක්ෂණවලින්ද හෙළිවී තිබූ අතර, මෙය රජය මගින් සිදුකරන්නේ නම් ඒ සඳහා වැය වන්නේ මෙයින් සියයට දහයකටත් අඩු මුදලක් බව හෙළිවිය.

එසේ තිබියදීත් ප්‍රවාහන අමාත්‍යාංශයේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බරපතල ලෙස දූෂණ චෝදනා එල්ලවී ඇති නිලධාරීන් පිරිසක් අදාළ කොන්ත්‍රාත්තුව වසර 2කට දීර්ඝ කිරීමට උත්සාහ කළේය.

2016 වසරේ රජයට පවරාගත යුතු වූ මෙම ව්‍යාපෘතිය දූෂිත නිලධාරීන් කීපදෙනකු එක්ව දිගින් දිගටම රජයට පවරා ගැනීම ප්‍රමාද කරන ලදී.

එසේ පවරා නොගැනීමෙන් මේ වන විට රජයට රුපියල් මිලියන පන්දහසකට අධික පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ.

රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය සඳහා රුපියල් අනූවත් සීයත් අතර මුදලක් වැයවෙද්දී මේ එක කාඞ්පතක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් දකුණු අප්‍රිකානු සමාගමට මෙතෙක් ගෙවන මුදල රුපියල් 1340 කි.

නව ගිවිසුම යටතේ ඒ සඳහා රුපියල් දහසක් බැගින් ලබාදීමට නියමිතව තිබිණි.

එහෙත් පසුගිය සතියේ සේවක පිරිස් සමග සාකච්ඡාවකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාද පවසා තිබුණේ මේ රියැදුරු බලපත්‍රය රුපියල් තුන්සියයකින් ලබාදිය හැකි බවයි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය දීර්ඝ නොකිරීමට නියෝග කරයි
අගමැති රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය දීර්ඝ නොකිරීමට නියෝග කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikyDxCQmvzFPGC8pI4TuonDCb9lWnGpNAkMRqD9CumJ_VsrXXFgYmSdfvJXBdYScuxpyK_UvS6ITpOioVleEWbxmB9s-YmWnfA0Fx_sFsMOLuxYF_8rxEsdtkZGqi7XU_SFo243AY_vKM/s320/agamathi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikyDxCQmvzFPGC8pI4TuonDCb9lWnGpNAkMRqD9CumJ_VsrXXFgYmSdfvJXBdYScuxpyK_UvS6ITpOioVleEWbxmB9s-YmWnfA0Fx_sFsMOLuxYF_8rxEsdtkZGqi7XU_SFo243AY_vKM/s72-c/agamathi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_214.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_214.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy