තලංගම කොස්‌වත්ත හංදියේ දී මාර්ග අංක 177 කොල්ලුපිටිය කඩුවෙල සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක රියදුරෙකුට බිම දමා ගෙන පිස්‌තෝලයකින් හා අතින් පයින...
තලංගම කොස්‌වත්ත හංදියේ දී මාර්ග අංක 177 කොල්ලුපිටිය කඩුවෙල සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක රියදුරෙකුට බිම දමා ගෙන පිස්‌තෝලයකින් හා අතින් පයින් පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් නමැත්තා සහ ඔහුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔවුන් අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම ඔවුන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔවුන් සතුව තිබූ ගිනි අවිය සහ ජීව උණ්ඩවලට අදාළ බලපත්‍රය 2017 වසරෙන් පසු අලුත් කර නොමැති බවද හෙළි වී ඇත.
පළාත් සභා මන්ත්‍රී එම්.කේ.කසුන් මීට පෙර 2015 අගෝස්තු මාසයේ දිනයකදී බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ දී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසකට ගිනි අවි පෙන්වා බීය වද්දා පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයෙකි.
COMMENTS