කොමියුනිස්ට් රටක් හැර ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. ඒ කොලොන්නාවේ රැකියා විරහිත ...
කොමියුනිස්ට් රටක් හැර ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
ඒ කොලොන්නාවේ රැකියා විරහිත ප්‍රජාව සඳහා පැවැත්වූ වෘත්තිය පුහුණු පාඨමාලාවන්හි අවසන් සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“රජයේ මන්ත්‍රීවරයෙක් ලෙස පසුගියදාත් මං පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ ආණ්ඩුවේ සමහර වැඩවල කොන්ද පණ නෑ නෝන්ජල් කියලා. වෙලාවට තීන්දු තීරණ ගන්නේ නෑ. ඒ තීරණ ගන්න ප්‍රමාද වීම නිසයි මේ වගේ අරාජික තත්ත්වයන් නිර්මාණය වෙන්නේ කියලා. ඒ නිසා නිසි වෙලාවට තීරණ ගන්න ඕනේ. දැන් බලන්න ෆේස් බුක් එක තහනම් කරලා සතියක් වෙනවා. කොමියුනිස්ට් රටක් හැර ෆේස් බුක් තහනම් කරපු එකම රට ලංකාව. ඒ තත්වය පාලනය කරන්න දවසක් දෙකක් ෆේස් බුක් තහනම් කරපු එක හරි ඉතින් ඇයි තාම තහනම් කරගෙන ඉන්නේ. රජයට තියෙන්න ඕනේ දියුණු තාක්ෂණය භාවිත කරලා , මේ අන්තවාදීන්ගේ පේජර්ස් , ප්‍රොෆයිල් මොනිටර් කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නීතිය අනුව කටයුතු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වෙනුවට ෆේස් බුක් තහනම් කරලා දිගටම පවත්වා ගෙන යන එක නෙමෙයි විසදුම. ඒ වගේම මේක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බව මං ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් වුනත් ඒක කියනවා.”
“මොකද අපිට භාෂණයේ හා ප්‍රකාශන තියෙනවා. 1% ක් කරන වැරදිවලට 99% ක් වූ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම යුක්ති ධර්මයට පටහැනියි කියන එකයි මගේ අදහස. සමහර අය කියනවා ඔයත් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්නේ කියලා. ඒ වුනාට අපි තීරණ ගන්නේ නෑ. අපිට පුළුවන් හඩ නගන්න, පාර්ලිමේන්තුවේ කෑ ගහන්න, මන්ත්‍රී කණ්ඩායම් වල කියන්න.ඒ නිසා තීරණ ගැනීමේ උදවියට මොලේ පහල වෙලා මේ තහනම ඉවත් කරයි කියලා අපි විශ්වාස කරනවා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS