අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අඟ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
එහිදී අගමැතිවරයා ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය බවයි.
පසුව එය අනුමත කිරීම පසුවට කල්දැමූ බව දැනගන්නට ඇත. ඉකුත් පෙබරවාරි 27 වනදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ කමිටුව අහෝසි කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබිණි.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසුව එදින රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට ගිය අගමැතිවරයා සහ ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම මහත්වරුන්, කළමනාකරණ කමිටුව අහෝසි නොකරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණි.
පැය එකහමාරක පමණ කාලයක් තිස්සේ පැවැති එම සාකච්ඡාවේදී ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමා කැබිනට් මණ්ඩලයේදී කළ දැනුම්දීම ලිඛිතව ලබාදෙන බවකි. ජනාධිපති කළ ඒ දැනුම්දීම ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එනම් මාර්තු 6 වැනිදා කැබිනට් සංදේශයකින්ම කර තිබේ.
මේ අතර පසුගිය සිකුරාදාත් (09) ආර්ථික කමිටුව රැස්වී ඇත.
COMMENTS