දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් පිරිමින් කාන්තාවන්ට වදහිංසා කිරීමට එරෙහිව විරෝධය
Homeප්‍රවෘත්ති

පොලිස් පිරිමින් කාන්තාවන්ට වදහිංසා කිරීමට එරෙහිව විරෝධය

PropellerAds

ද කුණේ උද්ඝෝෂණයකට එරෙහිව ප්‍රචණ්ඩතාව යෙදවීමේ දී පොලිස් පිරිමි විසින් කාන්තාවන්ට වදහිංසා කරන බවට ශ්‍රී ලංකා පොලීසියට චෝදනා එල්ල වී තිබේ. ක...

පොහොට්ටු ලේකම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්!
අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුලු අන්තරේ විරෝධතාකරුවන් තවමත් පොලීසියේ!
09 වැනිදාට තියන්න බෑ... මැතිවරණය කල් දානවා - මැ.කො. සභාපති
කුණේ උද්ඝෝෂණයකට එරෙහිව ප්‍රචණ්ඩතාව යෙදවීමේ දී පොලිස් පිරිමි විසින් කාන්තාවන්ට වදහිංසා කරන බවට ශ්‍රී ලංකා පොලීසියට චෝදනා එල්ල වී තිබේ.

කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති ස්ථානයකදී  කාන්තාවකට "අතක්වත්  තියන්න"  පිරිමි පොලිස් නිලධාරීන්ට නොහැකි බවයි ජනප්‍රිය රංගන ශිල්පී සමනලී ෆොන්සේකා පවසන්නේ.

"එවැනි අවස්ථාවක් තියෙද්දී අපි දැක්කා ටී.වී එකේ රූප රාමු වල කොහොමද කාන්තාවන්ට මේ පොලිස් නිලධාරීන් පහර දුන්නේ ඔවුන්ව ඇදලා ජීප් රථ තුලට දැම්මේ කියලා."

රංගන ශිල්පී සමනලී ෆොන්සේකා ඒ බව සදහන් කළේ ඇමරිකාවේ පොලිස් නිලධාරියකුගේ දනිස් වලට හිරවී දී ඝාතනයට ලක් වු  කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වා කොළඹදී පැවැති විරෝධතාවයට එල්ල වු පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එම විරෝධතාව සංවිධානය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පේරාදෙණිය කාර්යාලය එදිනම ගිනිබත් කර තිබුණි. පොත් 1500 කින් පමණ යුත් පුස්තකාලයක්ද ගිනිබත්වූ සම්පත් අතර වන බව එම සංවිධානය පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පේරාදෙණිය කාර්යාලය එදිනම ගිනිතියලා

වෘත්තීය සමිති, ‌දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් ජුනි 10 බදදා කොළඹදී පැවැත්වු  මාධ්‍ය හමුවේදී සමනලී ෆොන්සේකා වැඩි දුරටත් සදහන් කළේ විරෝධතාවය අතරතුරදී  පොලීසිය විසින් ජිප් රථයට ඔසවා විසිකළ රශ්මි විද්‍යාංජලී කිසියම් දෘෂ්ඨි උණතාවයකින් පෙළෙන තරුණියක් බවයි.

                                රශ්මි විද්‍යාංජලී

"ඇගේ කන්නාඩි දෙක ගලවලා පොඩි කරලා. ඒවා රූප රාමු වල නැහැලු. කන්නාඩි දෙක ගලවලා පොඩි කරලා තමයි ඇයව ඇදලා මේ පොලිස් ජිප් රියට දමාගෙන තියෙන්නේ."

පොලීසිය විසින් ජිප් රථයට විසි කිරීමෙන් ඇති වු රෝගාබාධිත තත්වයක් හේතුවෙන් රශ්මි විද්‍යාංජලී මැයි 10 බදාදා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව සමාජ මාධ්‍ය විසින් පසුව  වාර්තා කර තිබුනි.

ඔසප්වීම් සිදුවූ තරුණියන්ට ෆැඩ් එකක්වත් නොදුන් නරුමයින් !

විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කළ ආකාරය ගැනත්  රංගන ශිල්පී සමනලී ෆොන්සේකා පොලීසියට චෝදනා කළේය.

"ඒ වගේම මොවුන්ව අත්අඩංගුවට ගත්තට පස්සේ පොලීසියේදී ඇතැම් අපේ සහෝදරියන්ට මාසික ඔසප්වීම් වෙලා තියනවා. මෙහිදී ඔවුන් ඉල්ලීමක් කරලා තියනවා අපිට අලුත් ඇඳුම් අවශ්‍යයි මේ තත්වයන් යටතේ කියලා. ඉතින් නීතිඥයෙක් හරහාවත් ඔවුන්ට ඒ දෙවල් ලබා දෙන්න පොලීසිය විරෝධය පල කරලා තියනවා."

කුමන දේශපාලන මතයක් දැරුවත්,  ආණ්ඩුවේ මැදිහත්වීමෙන් පොලීසිය  සිදු කළ කාන්තා හිංසනයට විරෝධයක් නොදක්වන පිරිස් වේනම් එවැනි පිරිස් මනුෂ්‍යත්වයෙන් බොහෝ ඈතක සිටින පිරිසක් ‌ලෙසයි උතුරේ කාන්තාවන්ට එරෙහිව දිගටම සිදුකෙරෙන පොලිස් සහ හමුදා වදහිංසා සම්බන්ධයෙන් මේතාක් විරෝධය පල කළ බවක් වාර්තා වී නැති සමනලී ෆොන්සේකා එහිදී වැඩි දුරටත් සදහන් කළේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් උද්ඝෝෂණයට පහර දීමට සහභාගිවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු තිහක් නිරෝධායනයට යොමු කළ බව පොලිසිය නිවේදනය කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශන රකිමින් පවත්වාගෙන ගිය විරෝධතාවයේ සමාජ දුරස්ථභාවය කඩාකප්පල් කරනු ලැබුවේ පොලිසිය විසින් බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී තිබුණි.

theleader
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් පිරිමින් කාන්තාවන්ට වදහිංසා කිරීමට එරෙහිව විරෝධය
පොලිස් පිරිමින් කාන්තාවන්ට වදහිංසා කිරීමට එරෙහිව විරෝධය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-EGlbnZ0CTOpGjeSf6JpuoqjE7xdUVWZA2uMTD0FIl9qG-nU6BHQ2QEb_QmVj9Z0fVJ6scpFXIysDwRgBceqJokEnhMLO_raWevizt-ck-qZg3kq68EunL8kwe_WLp97hfG-36NtoQNs/s320/SL-police.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-EGlbnZ0CTOpGjeSf6JpuoqjE7xdUVWZA2uMTD0FIl9qG-nU6BHQ2QEb_QmVj9Z0fVJ6scpFXIysDwRgBceqJokEnhMLO_raWevizt-ck-qZg3kq68EunL8kwe_WLp97hfG-36NtoQNs/s72-c/SL-police.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_191.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_191.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy