භික්ෂූන් වහන්සේ සහ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අත්අඩංගුවට ත් 57 දෙනෙකු තවමත් පොලිස් ස්ථාන කිහ...
ඔහු පැවසුවේ මෙම පිරිස ඊයේ රාත්‍රියේ පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු නොකළ බවයි. අත්අඩංගුවට ගත් සියලුදෙනා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමය චෝදනා කළේ ජාතික පාසැල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයින් දෙදෙනකු ද මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිසට පහරදී ඇති බවද ඔවුන්ගේ සුවදුක් විමසීමට ගිය නීතීඥවරුන් ප්‍රකාශ කළා.
පොලිසිය විසින් මෙම පිරිස ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන්. අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේ 48 නමක්ද ඇතුලත්.
හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සහ මීට පෙර අත්අඩංගුවට ගැනුණු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම විරෝධතාවයේ නිරත වූවන්ගේ ඉල්ලීම් වුණා.

COMMENTS