දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුව වටා එකතුවූ 69 ලක්ෂය නිසා අද දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව නිරුපද්‍රිතව ජිවත් වෙනවා - හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ
Homeප්‍රවෘත්ති

පොහොට්ටුව වටා එකතුවූ 69 ලක්ෂය නිසා අද දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව නිරුපද්‍රිතව ජිවත් වෙනවා - හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ

PropellerAds

පොහොට්ටුව වටා 69 ලක්ෂයක් ජනතාව එකතු වී ගෝඨභාය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කළ නිසා අද දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව නිරුපද්‍රිතව සෞඛ්‍ය ආරක්ෂිත...

කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)
'මහින්ද ඉල්ලන් කෑවා අපිත් කෑවා' - බුද්ධදාස කියයි
'ජනපති - අගමැති දීගය පරම්පරා ලව් එකක්' (VIDEO)
පොහොට්ටුව වටා 69 ලක්ෂයක් ජනතාව එකතු වී ගෝඨභාය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කළ නිසා අද දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව නිරුපද්‍රිතව සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්මේන්තු අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

විවිධ දුක් ගැහැට විදිමින් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කළ බවත්, එදා අපිව පාරක් ගානේ ඇවිද්දවනවා කියා ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිතුමාටත් අද ඉතිරිව ඇත්තේ මෙම පක්ෂය පමණක් බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.


ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට අද (21) දින සහභාගී වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, “පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ජනතාව ඒකරාශී වුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහින් එක්සත් ජාතික පක්ෂයේ එල්ලෙන කොට, එහි එල්ලෙන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයට අපි සැබෑ ප්‍රතිවාදියෙක් වුණා. නමුත් අද ඉන්නේ බොහෝ විට ව්‍යාජ ප්‍රතිවාදීන්. ඔවුන් වටා ඉන්නේ පොහොට්ටුව ආරක්ෂා කරනවා කිව්වට වැඩිපුර එක්සත් ජාතික පක්ෂිකයින්. දැන් එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන් අපි සමග එකතු වන්න පටන් අරන් තිබෙනවා. ඒ නිසා ඔවුන් සියලු දෙනා එකතු කර ගනිමින් අපට දැවැන්ත ජයග්‍රහණයකට ගමන් කරන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී අපට තුනෙන් දෙකක් ගන්න අපහසු නැහැ.
මම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, කටාන, මීගමුව, මීරිගම, මිනුවන්ගොඩ යන ආසනවල ගමන් කරනවා. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය අද කුමන නමින් ආවත් කඩාගෙන වැටිලා ඉවරයි, දියාරු වෙලා ඉවරයි. එජාපයෙන් ඉල්ලන අපේක්ෂක ලැයිස්තුව කියා ගන්න ජෝන් අමරතුංග මහත්තයාට පුළුවන්ද? සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ සියලු දෙනා අද සමගි ජන බලවේගය සමග සිටිනවාද කියා අදුන ගන්න පුළුවන්ද? ඔවුන් කොහෙන් හරි ටික දෙනෙක් එකතු කරගෙන අද මැතිවරණයට පැමිණ තිබෙනවා. අපි මැතිවරණ වලට මුහුණ දුන්නේ මෙහෙම නෙමෙයි. පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයට අපි මුහුණ දුන්නේ ශක්තිමත් පාක්ෂිකයින් පිරිසක් නිර්මාණය කරලයි. පොහොට්ටුව හදන්න කිව්වේ ගමේම ජනතාවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා අපිව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කිව්වා. එතුමා එදා අපට එලෙස තර්ජනය කළත්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට  දැන් තියෙන්නේ පොහොට්ටුව පක්ෂය විතරයි.  එසේ සෑම දුකක් ගැහැටක්ම විදගනිමින් අපි මේ පක්ෂය නිර්මාණය කළා. ග්‍රාමීය මට්ටමින් විවිධ නායකයින් මේ පක්ෂයට නායකත්වය ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ රැකපු මිනිස්සු කවුද කියා වත්තල මිනිසුන්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මීගමුව ජනතාවට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
එදා ගෝල් ෆේස් පිටියට බස් 50 ක් ගේන්න කිව්වාම බස්වල ජනතාව රැගෙන ගෝල් ෆේස් පිටියට යන්නට සරත් ගුණරත්නලා, නීල් රූපසිංහලා පසුබට වුණේ නැහැ. අද පාර්ලිමේන්තුව අපේක්ෂකත්වය නැතත් ඔවුන් එදා වගේම අදටත් ඒ ජවය එක්ක ජනතාව පෙළගස්සනවා. අපි සෑම විටම සාධාරණ පැත්තට පෙළ ගැහෙන්නට ඕන. එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදලා 69 ලක්ෂයක් ජනතාව පෙළ ගැස්සූ අභිමානය අපට තිබෙනවා. දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව අද නිරුපද්‍රිතව සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වන්නේ අපි පොහොට්ටුව වටා 69 ලක්ෂයක් ජනතාව එකතු කරලා ගෝඨභාය රාජපක්ෂ මැතිතුමා රටේ ජනාධිපති කළ නිසයි. ඒ අභිමානය, ඒ විශ්වාසය අපට තිබෙනවා. ජනාධිපතිවරණයේදී එතුමා 69 ලක්ෂයකින් දිනුවා වගේම, මෙම මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අරන් දීලා තමයි අපට රට තුළ සැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් වන්නේ.

බෞද්ධ සිද්ධස්ථාන, අපේ උරුමය අන්තවාදීන් විසින් කොල්ලකනවා. මේ වෙනුවෙන් අපි සටන් කළ යුතුයි. ඒ සදහා අපිට තනතුරු තාන්න මාන්න වැදගත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට ගැලපෙන අය, මා සමග වැඩ කරන්න පුළුවන් අය, වරදාන වරප්‍රසාද තනතුරු නොඉල්ලන අය ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට එවන්න කියායි. ජනාධිපති ලේකම් කාර්යාලය තුළ තිබූ අමතර වාහන සියල්ල ගෝල්ෆේස්  පිටියට ගෙනවිත් මෙපමණ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට අවශ්‍ය නැහැ කියා රාජ්‍ය ආයතන වලට භාර දුන්නා. එමෙන්ම දෙතුන් සීයකින් ජනාධිපති ලේකම් කාර්යාලය වැඩ කරන්න පුළුවන් කියා, දෙතුන් දාහක් හිටපු සේවක මණ්ඩලය වෙන වෙන ආයතන වලට යොමු කළා. ඒ වගේම ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයේ නොසිට තම මිරිහාන නිවසට ගොස් සාමන්‍ය පුරවැසියෙක් ලෙස ජීවත් වුණා.

ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී අපේක්ෂකයා  ප්‍රකාශ කළේ ජනතාව ළගට එන්නම්, ජනේලයට තට්ටු කරන්නම්, එබිකම් කරන්නම් කියායි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේ නැහැ. නමුත් එය අද සිදු කරනවා. ජනාධිපතිතුමා මොටර් රථ දෙපාර්තුමේන්තුවට ගොස් එහි වැඩකටයුතු සොයා බලනවා. මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ජනතාවට කඩිනමින් සහන ලබා දෙන

ක්‍රමවේදයක් සකස් කරන්න කියා උපදෙස් ලබා දෙනවා. දැන් මහ බැංකුවේ නිලධාරින් රෑ එළිවෙනකන් වැඩ කරනවා. අද එම තත්ත්වයට රට වෙනස් වෙලා. අපි මේ දේශපාලනය තුළ ආදරය කළේ මහින්ද රාජපක්ෂ මහතාටයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ලබා දෙන ශක්තිය වචනයකින්වත් වෙනස් නොකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අපි ලබා දෙනවා.” යනුවෙන්ද වැඩිදුරටත් පැවැසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව වටා එකතුවූ 69 ලක්ෂය නිසා අද දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව නිරුපද්‍රිතව ජිවත් වෙනවා - හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ
පොහොට්ටුව වටා එකතුවූ 69 ලක්ෂය නිසා අද දෙකෝටි විසිපන් ලක්ෂයක් ජනතාව නිරුපද්‍රිතව ජිවත් වෙනවා - හිටපු ඇමති ඉන්දික අනුරුද්ධ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6t86CeDgOCa-tCeMu3Vi9oNDHAlR1ndfK5OVgUH-A8LEib-CQBrJ78AiwKKo8KpBJn5qwAM5T0NFOTIRVIBSWzB3JOEQZmbm74-QssLyukKSAqsL3k28K_Aur1UMyqz6t-c1lrHf5g/s320/indika-anuruddha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjF6t86CeDgOCa-tCeMu3Vi9oNDHAlR1ndfK5OVgUH-A8LEib-CQBrJ78AiwKKo8KpBJn5qwAM5T0NFOTIRVIBSWzB3JOEQZmbm74-QssLyukKSAqsL3k28K_Aur1UMyqz6t-c1lrHf5g/s72-c/indika-anuruddha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy