දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)
Homeප්‍රවෘත්ති

කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)

PropellerAds

පසුගියදා දිවයිනට පැමිණි කැනේඩියානු විදේශ අමාත්‍ය (Stephen Dion) ස්ටෙෆන් ඩියෝන් මහතා අද (29) උතුරේ සංචාරයක නිරත වූ අතර එහිදී උතුරු පළාත් ආණ...

විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්
'තාමත් රජයෙන් එක සතයක්වත් ලැබිලා නෑ' - රජයේ උදව් නැතිව චම්පික අලුත් වැඩක
ජනප්‍රිය පානයක සේදුම් රසායනිකයක් ඇති බවට හෙළිකරයි
කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)

පසුගියදා දිවයිනට පැමිණි කැනේඩියානු විදේශ අමාත්‍ය (Stephen Dion) ස්ටෙෆන් ඩියෝන් මහතා අද (29) උතුරේ සංචාරයක නිරත වූ අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝලඩ් කුරේ මහතා හමුවිය.

එහිදී ආණ්ඩුකාරවරයා විසින් උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා මේ වන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් කැනේඩියානු විදේශ අමාත්‍යවරයා දැනුවත් කිරීමක් ද සිදු විය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විටත් පවුල් එක් ලක්ෂ හැටදාහකට වැඩි ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති අතර යාපනය ප්‍රදේශයේ පවුල් 12000ක් පමණ පදිංචි කරවීමට ඇති බවය.

එම පිරිස පදිංචි කරවීම සඳහා අක්කර 2500ක භූමි ප්‍රමාණයක් නිදහස් කරවීමට ද කටයුතු කර ඇති බවත් ඉතිරි ඉඩම් පියවරෙන් පියවර අයිතිකරුවන්හට පැවරීමට කටයුතු කරන බවත් පැවසීය.

දැනට කඳවුරුවල සිටින ජනතාව සඳහා කන්කසන්තුරේ ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 62ක් රජයට පවරා ගෙන එම ඉඩම් සඳහා එක් අයෙකුට පර්චස් 20 බැගින් ලබාදීමට පියවර ගෙන ඇති අතර ඊට අමතරව පලාලි හා අලිමංකඩ යන ප්‍රදේශවලින්ද ඉඩම් රජයට පවරාගෙන ජනතාව පදිචි කරවීමට සූදානම් කර තිබේ.

මෙහිදී සිංහල සහ දමිළ භාෂා ඥානය දියුණු කිරීම සඳහා කැනේඩියානු රජය අවශ්‍ය මුදල් ආධාර ලබාදීමට පොරොන්දු වූ අතර එහිදී සිංහල සහ දමිළ භාෂා ගුරුවරුන් පුහුණු කරවීමට යන මුදල් කැනේඩියානු රජය විසින් ලබාදීමට පොරොන්දු විය.

යුද්ධය නිසා අසරණ වූ කාන්තාවන් සඳහා ආධාර ලබා දීමටත් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය සලකා බැලීම පිළිබඳවත් මෙහිදී එකඟතාවයකට පැමිණියේය.

අවසාන වශයෙන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝකයේ තිබෙන කිසිදු ආණ්ඩු ක්‍රමයක් අපි අනුකරණය කළ යුතු නොමැති අතර ෆෙඩරල් හා ඒකීය යන වචන වලට පැටලී වාද විවාද කරනවාට වඩා හොඳ දේ වන්නේ රටට අවශ්‍ය සුවිශේෂ වූ ප්‍රායෝගික වූ ජාතීන් අතර එක්සත්කම ළඟා කර ගත හැකි ක්‍රමයක් ගැන සාකච්ඡා කිරීම බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)
කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)
http://ift.tt/2afbNFF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/video_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/video_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy